leelawathis-murderer-caught-by-police

ලීලාවතී 67 හැවිරිදි තිදරු මවකි. ඇයට මුල් කසාදයෙන් පිරිමි දරුවන් දෙදෙනෙකි. දෙවැනි කසාදයෙන් ගැහැනු දරුවෙකි. කරදඬු උස්මහත් වූ එම දරුවන් තිදෙනාගෙන් දෙදෙනෙක්ම මේ වන විට ජීවත් වන්නේ 8ටරටවලය. දෙවැනි පුතා කොට්ටාව ප්‍රදේශයේ සිය බිරිය සමඟ පදිංචිව සිටී.

පඬුවස්නුවර මුල් ගම වුවද ලීලාවතී ජීවත් වූයේ හෙටිටි පොළ, සුනන්දපුර, අමුණු කොලේ ග්‍රාමයේ හදාගත් නිවෙසකය. ඇය පොලියට මුදල් ලබා දෙන්නියකි. ඊට අමතර රසකැවිලි වෙළෙඳාමේද ඇය නිරත වූවාය. ඇය බොහෝ විට වෙළෙදාම් කළේ පඬුවස් නුවර පන්සල අසලය. ඇගෙන් පොලියට මුදල් ගැනීමට බොහෝ පිරිස් නිතර දෙවෙලේ ඇගේ නිවෙසට එති. සියයට විස්සක් අයකර ගැනීමේ පොරොන්දුව මත ඇය මොවුන්ට මුදල් ලබා දෙන්නීය.


ඉකුත් 20 වැනිදා ඇගේ නිවෙසට කිලෝමීටර තුනක් පමණ ඈතින් පදිංචි විමලසිරි ඇයට උදේ සිට දහවල් වන තුරුම දුරකථන ඇමැතුම් දී තිබිණි. ඒ ඔහු ඇයට රස කැවිලි විකිණීම සඳහා දොදොල් සාදා දීමට එකඟව තිබු නිසාය. දොදොල් ගෙන යෑමට ලීලාවතී ඔහුගේ නිවෙසට එන බව කීවද ඇය නොපැමිණීම නිසා ඒ බව විමසන්නට ලීලාවතීට දුරකථන ඇමැතුම් දුන්නද ඊට ප්‍රතිචාර නොලැබිණි. පසුව විමල සිරි ඇය සොයා සුනන්දපුරට ගියේය. ලීලාවතීගේ නිවෙසේ දොරගුළු වසා දමා තිබිණි. ගේට්ටුවද වසා ඇත. වටපිට බැලුව ද නිවෙස තුළ කිසිවකු නැති බව විමල සිරීට වැටහිණි. ඔහු පෙරළා සිය නිවෙසට ගියේ ලීලාවතී කොහේ ගියා දැයි සිතමින්ය. හවස් වනතුරුත් ලීලාවතීගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම නිසා විල සිරි දුරකථන ඇමැතුමක් දී මේ බව කොට්ටාවේ පදිංචි ලීලාවතීගේ පුතාට කීවේය.


පුතාද මවට ඇමැතුම් කිහිපයක් දුන්නද ඊටද ප්‍රතිචාර ලැබුණේ නැත. අවසානයේ ඔහු සිය ඥාතියකුට කතා කොට මවගේ නිවෙසට ගොස් මව් ගැන සොයා බලන ලෙස කීවේය. ඥාතියාද ඇගේ නිවෙසට ගොස් ලීලාවතී ගැන සොයා බලා ඇගේ පුතාට ඒ බව කීවේය.

"අම්මා ගෙදර නැහැ. ලයිට් දාලත් නැහැ. දොරවල් දෙකම ලොක් කරලා. ගේට්ටුවත් වහලා.



ඔහුගේ කතාවෙන් ලීලාවතීගේ පුතා තවත් බිය විය. ඒ මවට කිසියම් කරදරයක් වී ඇත්දැයි යන සැකය නිසාය. අවසානයේ ඔහු තවත් මිතුරන් දෙදෙනකුද සමග ත්‍රිරෝද රියකින් හෙට්ටිපොළට ගියහ. පැය කිහිපයකට පසු මවගේ නිවෙසට ළඟා වී ඇය ගැන සොයා බැලූවද මට ගැන කිසිදු තොරතුරක් නොවීය.


නිවෙසේ දොරගුළුද දමා තිබිණි. තිබූ සැකය මත ඔහු මිතුරන්ද සමග යාඤා පදිංචි විමලසිරිගේ නිවෙසට ගියහ.


" මාමේ. මම ගෙදර ගියා. ලයිට් දාලත් නැහැ, දොරවලුත් ලොක් කරලා... අම්මට මොනවා හරි කරදරයක්ද දන්නේ නැහැ.


“කෝකටත් අපි පොලිසියට කියමු. පොලිසියේ අය ගිහිල්ලා බලයි නේ... "


ලීලාවතීගේ පුතා හෙට්ටිපොළ පොලිසියට ගොස් සිය මව පිළිබඳ කිසිදු තොරතුරක් නැතැයි කියමින් පැමිණිල්ලක් දැමුවේ ඉන්පසුවය. ඒ පසුදා අලුයම් කාලයේය. නිලධාහු ජංගම රථයෙන් ඒ මොහොතේම ලීලාවතීගේ නිවෙස බලා පිටත් වූහ. වසා තිබුණු දොරගුළු කඩා නිලධාර්ක් නිවෙසට ඇතුළු විය. නිලධාරීන්ගේ දෙනෙත් ඇදී ගියේ හෙල කපා මරා දමා තිබු ලීලාවතීගේ සිරුර වෙතය.


බාල පුතු වේදනාවෙන් විලාප දුන්නේය, සිද්ධිය හෙට්ටිපොළ පොලිස් ස්ථානාධිපති හේමන්ත නන්ද බණ්ඩාර වෙත දැනුම් දෙනු ලැබීය. විමර්ශන ඇරැඹුණේ එතැන් පටන්ය. සොකෝ නිලධාරීන්ද සිද්ධිය වූ ස්ථානයට පැමිණියේය. සිද්ධිය සැලවීමෙන් පසු සහකාර පොලිස් අධිකාරී වසන්ත හේරත්ද සිද්ධිය වූ ස්ථානයට පැමිණ සිද්ධිය නිරීක්ෂණය කොට ඉදිරි විමර්ශන පැවැත්විය යුතු ආකාරය ගැන නිලධාට උපදෙස් දුන්නේය. ඉන් අනතුරුව අධිකරණයටද කරුණු වාර්තා කිරීමෙන් පසු මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීය. පසුව ලීලාවතීගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කරනු ලැබීය. එහිදී අනාවරණය වූයේ ගෙල කපා ඇය මරා දමා ඇති බවය. ඇගේ ගෙල බැඳි රන්මාලය, ජංගම දුරකථනය පවා ඝාතකයා රැගෙන ගොස් ඇති බව විමර්ශනයේදී හෙළි විය.


කෙසේ වෙතත් ගෙල කැපීම සඳහා උපයෝගි කරගත් ආයුධයද සිද්ධිය වූ ස්ථානයේ නොවීම නිසා එය ඝාතකයා රැගෙන යන්නට ඇති බව නිලධාහු සැක කළහ. විමර්ශනයෙන් ඝාතකයා සම්බන්ධ කිසිදු හෝඩුවාවක් දැනගත නොහැකි විය. පොලිසිය ලීලාවතීගේ පුතුගෙන් මෙන්ම විමලසිරිගෙන්ද කට උත්තර ලබාගත්තේය. එහිදී විමලසිරිගේ ප්‍රකාශය පොලිසියට කිසියම් වටිනාකම්ගේ ගෙන දුන්නේය.


“සර් දවසක් ඔය ලීලාවතී අපේ ගෙදර ආවා දොදොල් වගයක් ගෙනියන්න. එතකොට එයාට කෝල් එකක් ආවා. ඒ ඔන්න ඔය පඬුවස් නුවර පැත්තේ කොල්ලෙක්ගෙන්. එයා කිව්වා කිරි අම්මේ මට මැණික් ගලක් හම්බ වුණා. ඒක විකුණලා ලක්ෂ 80ක් හම්බ වුණා. මම හෙට එනවා මගේ බයික් එක අරගෙන යන්න කියලා. එතකොට ලීලාවතී කිව්වා හරි පුතේ එන්න මම ගෙදර ඉන්නවා. එනකොට මට කේක් එකකුත් අරන් එන්න කියලා." "මම ඇහැව්වා කවුද කතා කළේ කියලා, ලීලාවතී කිව්වා පඬුවස්නුවර ඉන්න 'කවී ' ළමයා කියලා. එයා ලීලාවතීට එයාගේ බයික් එක උකස් කරලා රුපියල් ලක්ෂ 2ක් ආරන් ගිහින් තියෙනන්වා සියයට විස්සේ පොලියට, ඒක බේරගන්න තමයි ලීලාවතීගේ ගෙදර එනවයි කිව්වේ. නිලධාරීන් ඒ ඔස්සේ විමර්ශන කරමින් කවීට අයත් යතුරුපැදිය ලීලාවතීගේ නිවෙසේ ඇත්දැයි සොයා බැලුවද එය එහි දක්නට නොවීය. නිලධාරීන්ට කවී ගැන සැකයක් මතු වූයේ ඔය අතරය.




පොලී මුදල් දීම සහ මුදල් පොලියට ලබා ගැනීම සඳහා ලීලාවතී හමුවීමට ඇගේ නිවෙසට උදේ හවා යන එන්නවුන් බොහෝය. එලෙස පැමිණි අයෙක් ලීලාවතී මරා ඇගේ ගෙල බැඳි රන්මාලය පැහැර ගත්තේද යන සැකය ද නිලධාරීන් තුළ ඇති වී තිබිණි. ඒ ඔස්සේද විමර්ශන පැවැත් වුවද හිලධාරීන්ගේ මුල්ම සැකය එල්ල වූයේ 'කවී' වෙතය. ඒ ඔහු උකස් කළ යතුරුපැදිය ලීලාවතීගේ නිවෙසේ නොතිබූ නිසාය. නිලධාරීන් 'කවී' සොයා ගියේ ඉන් පසුවය. දුරකථන ඇමතුම් ගත්තද එය ක්‍රියාවි රහිත කර තිබිණි.


තමා සොයන බව දැනගත් 'කවී' ඔය අතර පොලිස් ස්ථානාධිපතිවරයා දුරකථනයෙන් ඇමතුවේය.


“සර් මාව බලන්න ගෙදර ආවා. මාව හොයනවා කියලා ආරංචියක් ආවා. ඇයි සර් ඒ මොකටද

"ඔයා අර ලීලාවතීට උකස් කරපු බයික් එක බේරගත්තද? " ස්ථානාධිපතිවරයා ඇඟට පතට නොදැනෙන ලෙස කවීගෙන් විමසුවේය.


"හා ඔව් සර්. මම එක බ්‍රෙර ගත්තා, රුපියල් එක් ලක්ෂ හටදාහක් දීලා, මට කිරි අම්මා බතුත් දුන්නා කන්න." '' කවි' ස්ථානාධිපතිවරයාට පල් හෑල්ලක් කියන්නට විය. ස්ථානාධිපතිවරයා ඉන් කලබල නොවිය. ඔහු කෙසේ හෝ කොටු කර ගැනීම ස්ථානාධිපතිවරයාගේ වුවමනාව විය. " හා එහෙනම් කමක් නෑ, ඔයා පොලිසියට ඇවිත් කට උත්තරයක් දීල යන්න බයික් එක බේරගත්තා කියල. එච්චරයි.”


"හරි සර් මම හෙටම එන්නම්."


''කවි' එසේ කීවද ඔහු පොලිසිය පැත්ත පළාතත්වත් ගියේ නැත. ඒ නිසා නිලධාර්න් තුළ තිබූ සැකය තවත් වැඩි විය. නිලධාරීන් ඔහුට නොදැෂනන්නට ඔහු සොයා දැලක් එළිය. ඒත් 'කවී' ඊට හසු වූයේ නැත.


ඔය අතර ස්ථානාධිපති හේමන්තට තවත් තොරතුරක් ලැබුණේය. ඒ ඔහු මිතුරකුට නිතර නිතර දුරකථනයෙන් අමතන බවය. ස්ථානාධිපතිවරයා එම පුද්ගලයා පොලිසියට ගෙන්වා ගත්තේය. නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කරන්නට විය.


ඒ අතරතුර කවි ගැන තවත් තොරතුරු නිලධාරීන් වෙත ලැබුණේය.


"සර් කා මේ දිගටම දේවාලේ ගානේ ගිඟින් දෙවියන්ට කියනවලු පොලිසියෙන් බේරලා දෙන්න කියලා, කබැල්ලාව දේවාසලට ධාරයකුත් වෙලා තියෙනවා."


ඔහුගේ කතාවෙන් ස්ථානාධිපතිවරයාගේ මුවගට නැඟුණේ සිනහවක්ය.


"එහෙනම් දෙවියො බේරලා දෙයි."


කෙසේ වෙතත් පොලිසියට කැඳ වූ පුද්ගලයාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු ලීලාවතීගේ මරණය ගැන එතරම් දැනුභාවයක් නැති අයකු බව නිලධාරීන්ට වැටහුණේය.


"මට නම් ඒව මුකුත් කිව්වේ නැහැ සර්. ඔන්න ඔය වගේ කේස් එකකට පොලිසියෙන් එයා හොයනවා කියලා නම් කිව්වා. පොලිසියෙන් බේරෙන්න මොනවා හරි කරලා දෙන්න කිව්වා.”

ඔහු ස්ථානාධිපතිවරයා ඉදිරියේ කීවේය.


" හරි.... අපිට මිනිභව පොලිසියට ගෙන්න ගන්න ඕන. තමන් අපිට උදව්වක් කරන්න. අපි කියන විදිහට මිනිහට කතා කරන්න කියලා ඔයාගේ ගෙදරට මිනිහට ගෙන්න ගන්න.

ස්ථානාධිපතිවරයාගේ කීමට පිටුපාන්නට ඔහුට නොහැකි විය. ඔහු සිය මිතුරා වූ කවි දුරකථනයෙන් ඇමතීය. ඒ නිලධාරීන් ඉදිරියේය.


"හරි හරි මචං උඹ වරෙන්කෝ අපේ ගෙදර. අපි මොනවා හරි ගේමක් ගහමු.

පොලිසියේ මම දන්න කෙනෙකුත් ඉන්නවා. පොර සෙට් කරගෙන ගේමක් ගහමු. උඹ වරෙන්කෝ අපේ ගෙදර." මිතුරාගේ කීමට කවී කොටු විය. එල්ලෙන්න වැලේ වැල් නැතිව සිටි කවිට මිතුරාගේ වචනද මහත් වටිනාකමක් ගෙන දුන්නේය. ඔහු මිතුරාගේ ගෙදරට එන්නට පිටත් විය.




"මචං ගෙදර කවුරුත් නැහැ නේද "


" නැහැ මචං මම විතරයි ඉන්නේ බය වෙන්න එපා. "එහෙනම් මවං ඉස්සරහ දොරවල් ඇරලා තියපන්, මම ආපු ගමන් දොර වහගනින්.”


"හරි හරි වරෙන්."


කවී මිතුරාගේ නිවෙසට පැමිණෙන බව ස්ථිරවම දත් නිලධාරීහු ඔහුගේ නිවෙස වටා සැඟව සිටියහ. ඒ කවි කොටු කර ගැනීම අරමුණු කරගෙනය. මේ කිසිත් නොදත් කවී එකවරම ගෙය තුළට දිව ආවේය. ඒ සමඟ නිවෙස වට කළ නිලධාරීන් කව කුදලා ගත්තේ කිසිදු පැකිළීමකින් තොරවය.


" උඹ හිතුවෙ නැහැ පින්ද මේ විදිහට අහුවෙයි කියලා." කවී නිරුත්තරය.


"ඇත්ත කියපන් ඇයි උඹ ලීලාවතීට මැරුවේ...... ඔහු ඊටද වචනයකුදු පිට කළේ නැත. ඔහු කිසිවක් නොකියන බව දත් ස්ථානාධිපතිවරයා තදින් ප්‍රශ්න කරන්නට විය. එවර ඔහුට ගැලවීමක් නොවීය.


"මට කරදර කරන්න එපා සර්. මම තමයි.... කවී නිලධාරීන්ට කීවේය.


" මම කිරි අම්මිගෙන් බයික් එක ගන්න ආවිට මගේ අතේ සල්ලි තිබුණේ රුපියල් හතළිස් දාහයි. මම ඒක කිරි අම්මට දීල බයික් එක ඉල්ලුවා. එයා කිව්වා පොලියත් එක්ක ලක්ෂ දෙකයි විස්සක් ඕනෑ, සතයක්වත් අඩු නැතිව බයික් එක දෙන්න බැහැ කියලා, ඒකට තමයි රණ්ඩු වුණේ.


ලීලාවතී ගෙල කපා ඝාතනය වන්නේ ඉන් අනතුරුවය. "කෝ ලීලාවතීගේ බෙල්ලේ තිබුණු මාලේ."


"සර් ඒක මම කොලයක ඔතලා විසි කළා. "එතකොට ෆෝන්"


" ඒවත් විසි කළා. පිහියත් වැවට දැම්මා සර්. නිලධාරීන් මෙම භාණ්ඩ සොයා විමර්ශන කළද ඒවා සොයා ගැනීමට හැකි වූයේ නැත. එහෙත් ලීලාවතීට උකස් කළ යතුරුපැදිය නිලධාරීන් සිය බාරයට ගත්තේය. සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහු හෙට්ටිපොළ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. සැකකරු 25 වියේ පසුවිය.
(කීර්ති මෙන්ඩිස්)



gossiplanka image 2