වැලිකඩ බන්ධනාගාර භූමියේ අයිතිය ඇත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එම පවුලේ සාමාජිකයන්ට බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා ඊයේ (27දා) පැවැසීය. හිටපු ජනාධිපතිවරයාගේ මිත්තණියට අයිතිව තිබූ අක්කර 43ක ඉඩමක් වැලිකඩ බන්ධානාගාරය ඉදිකිරීමට ලබාදී තිබූ බවද සභාපතිවරයා කීවේය.
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ඉඩම් සහ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලය ලබාදී ඇති වාර්තාවක් මඟින් මෙම ඉඩමේ අයිතිය තහවුරු කර ඇතැයි කී හෙතෙම වැලිකඩ බන්ධනාගාරය පිහිටි භුමියේ පත්තිරු සටහන් තමා සතුව තිබෙන බවද සඳහන් කළේය.
වැලිකඩ බන්ධනාගාර ඉඩමට අදාළ කොළඹ නගරයේ මරදාන කොට්ඨාසයට අදාළ ගම් සුචි පත්‍ර පරීක්ෂා කළ බවටත්, එම ගමට අදාළ වැලිකඩ ඉඩම් කොටසට අයත් පරිච්ඡේදයේ විස්තර ඉදිරිපත් කර තිබෙන බවටත් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ඉඩම් සහ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලය ලබාදී ඇති පත්ඉරු වාර්තාවෙහි දක්වා ඇතැයි ඔහු කීවේය.
කොළඹ මල්පාරේ පිහිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී වජිර අබේවර්ධන මහතා මෙසේද පැවසීය.
“රනිල් වික්‍රමසිංහ මැතිතුමාව අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන්න අරගෙන ගියෙත් එතුමාගේ පරම්පරාවට, එහෙමත් නැතිනම් එතුමාගේ මිත්තණියට අයිතිව තිබුණු අක්කර 43ක වැලිකඩ බන්ධනාගාර භූමියට.
ඉතින් මේ ස්ථානයට අයිතිකරුවන් වෙන්නෙත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු ඒ පවුලේ සාමාජිකයන්. එතකොට ඒකත් දෛවෝපගත අවාසනාවන්ත අවස්ථාවක්. වැලිකඩ බන්ධනාගාරය පිහිටි පත්තිරු සටහන් මගේ ළඟ තිබෙනවා, එයින් පිටපතක් මාධ්‍යයට ලබා දෙන්නම්. එතකොට මාධ්‍යයටත් ශ්‍රී ලාංකික මහජනතාවටත් දැනගන්න පුලුවන් එවැනි පරපුරක සාමාජිකයකුට සිදුවූ මහා ඛේදජනක හැසිරීමක් හැටියට.
ඇත්තටම ශ්‍රී ලාංකික සමස්ත දේශපාලන පක්ෂ, සියලු බලවේග, සමස්ත නීතිඥ ප්‍රජාව, සියලුම වෛද්‍ය කණ්ඩායම් එතුමා වෙනුවෙන් පෙනී සිටියා. ඒ වගේම අවසානයේ එතුමාට ඇප තැබීම සඳහා වෛද්‍යවරුන් නිවාඩු දාලා උසාවි භූමියෙන් වතුර එකක් හෝ නොබී රැඳී සිටියා, අපියි එතුමාට ඇපවලට අස්සන් කරන්නෙ කියලා. වෛද්‍යවරුන්මයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් ඇප අස්සන් කළේ. ඒ නිසා ඒ වෙනුවෙන් කැපවුණු සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට අපේ පක්ෂයේ ගෞරවයත්, ස්තුතියත් මේ අවස්ථාවේදී අපි රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පුද කර සිටිනවා.”
Comments
Post a Comment
Your comment will be visible after approval