
කළුතර ප්‍රාදේශීය සභාවේ සේවක වැටුප් වලින් රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අධික මුදලක් වංචා කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් එම සභාවේ හිටපු කාර්ය භාර නිලධාරිනියක් සහ රියදුරෙකු කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මූල්‍ය වංචාව වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ ක්‍රමානුකූලව සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී හෙළිවී ඇත.
අත්අඩංගුවට පත් සැකකාරිය කළුතර, බෝමුවල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවක් වන අතර,
අනෙක් සැකකරු වාද්දුව ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි. මෙම දෙදෙනා එක්ව සේවක වැටුප් සකස් කිරීමේදී මෙම අක්‍රමිකතාව සිදුකර ඇති බවට චෝදනා එල්ල වේ.
කළුතර ප්‍රාදේශීය සභාවේ වත්මන් ලේකම්වරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදු කරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. වංචාව හෙළිදරව් වීමෙන් පසුව සැකකාරියගේ සහ සැකකරුගේ වැඩ තහනම් කිරීමට ප්‍රාදේශීය සභා පාලනාධිකාරිය මීට පෙර පියවර ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු වලින් අනතුරුව කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval