bear-hunter-attempts-to-escape-police-custody-jumps-from-three-story-building-seriously-injured

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන තිළිණ සම්පත් නොහොත් ‘වලස් කටා’ නැමැත්තා, රඳවාගෙන සිටි බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාස ගොඩනැගිල්ලෙන් පළා යාමට උත්සාහ කිරීමේදී බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබේ.



දින 90ක රැඳවුම් නියෝග මත බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ රඳවා ප්‍රශ්න කරමින් සිටි මෙම සැකකරු, ඊයේ (09) රාත්‍රී 9:15ට පමණ වැසිකිළි යාමට අවශ්‍ය බව දැනුම් දී ඇත. ඒ අනුව, පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගේ ආරක්ෂාව මැද, අත්අඩංගුවේ සිටි සැකකරු වැසිකිළිය වෙත රැගෙන ගොස් තිබේ.

එම අවස්ථාවේදී සැකකරු පොලිස් නිලධාරීන්ට පහර දී ගොඩනැගිල්ලේ තුන්වන මහලෙන් පහළට පැන පළා යාමට උත්සාහ කර ඇති බව පොලීසිය පවසයි.



පැනීමේදී බිමට ඇද වැටීමෙන් සැකකරුගේ පාද දෙකම බිඳී ගොස් ඇති අතර එක් අතක් වැලමිට ප්‍රදේශයෙන් බිඳී ඇති බවට වාර්තා වේ.

බරපතල තුවාල ලැබූ සැකකරු දැඩි පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු ප්‍රතිකාර ලබමින් සිටී.