
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (11) දින පැය දහයක ජල සැපයුම් අත්හිටුවීමක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ අනුව, පෙරවරු 10:00 සිට රාත්‍රී 8:00 දක්වා කාලය තුළ මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වනු ඇත.
ගම්පහ - අත්තනගල්ල - මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන යෝජනා ක්‍රමයට අයත්, නිට්ටඹුව සිට මිනුවන්ගොඩ දක්වා දිවෙන සම්ප්‍රේෂණ නළ පද්ධතියේ සිදුකරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.
මෙම ජල කප්පාදුව හේතුවෙන් රන්පොකුණුගම, බටලිය, අත්තනගල්ල, පස්යාල සහ නිට්ටඹුව යන ප්‍රදේශවලට බලපෑම් එල්ල වනු ඇත. ඊට අමතරව, කඳහේන, මාපැගොල්ල, කොන්ගස්දෙණිය, පින්නගොල්ලවත්ත, කොළවත්ත, ගෝරකදෙණිය, රන්පොකුණුගම නිවාස යෝජනා ක්‍රමය, ඌරාපොල, දික්කන්ද, මීවිටිගම්මන, මයිඹුල, මතලන, හග්ගල්ල, අලවල, කලල්පිටිය සහ ඇල්ලමුල්ල යන ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවන බව නිවේදනය කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval