ප්‍රකට ඉන්දීය සිනමා නිළි තමන්නා භාතියා දින තුනක සංචාරයක් සඳහා ඊයේ (10) සන්ධ්‍යාවේ ශ්‍රී ලංකාවට පැමිණියාය. ඇයගේ මෙම සංචාරයේ අරමුණ අනුරාධපුර ප්‍රදේශයේදී සිදුකෙරෙන වෙළෙඳ දැන්වීමක රූපගත කිරීම් සඳහා සහභාගී වීම බව වාර්තා වේ.
තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්.-405 දරන ගුවන් යානයෙන් ඇය කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වූවාය.
ගුවන් තොටුපොළේ විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ පිටවීමට පැමිණි ඇය, එහි රැඳී සිටි මාධ්‍යවේදීන් දුටු වහාම නැවත හැරී ගොස් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත. පසුව මාධ්‍යවේදීන් එම ස්ථානයෙන් ඉවත් වූ පසු ඇය ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබේ.