
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ඇතුළු මහජනතාව නැරඹීමට රැස්ව සිටි ඓතිහාසික සෙංකඩගල ඇසළ පෙරහර මංගල්‍යය අතරතුර, ඉහළ අහසේ අනවසරයෙන් පියාසර කරවූ ඩ්‍රෝන කැමරාවක් බිම හෙළීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු කර තිබේ. මෙම සිදුවීම මහනුවර දළදා පෙරහරේ ඉහළ ආරක්ෂාව සහ නීති රීති දැඩිව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව නැවතත් අවධාරණය කරන්නක් විය.
පෙරහර ගමන් කරමින් තිබියදී ඊට ඉහළින් සැක කටයුතු ලෙස සැරිසැරූ ඩ්‍රෝන යානය, ගුවන් හමුදාවේ විශේෂ තාක්ෂණික ක්‍රමවේදයක් භාවිතයෙන් අක්‍රීය කර ආරක්ෂිතව බිමට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ, මහනුවර වැව ඉස්මත්තේ පිහිටි සංචාරක හෝටලයක සිට මෙම ඩ්‍රෝන යානය ක්‍රියාත්මක කළ බවට හඳුනාගෙන තිබේ.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පෘතුගීසි ජාතිකයෙකු විසින් මෙම ඩ්‍රෝන යානය ක්‍රියාත්මක කර ඇති බවයි. ආරක්ෂක අංශ විසින් එම විදේශිකයාව වහාම අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදු වෙමින් පවතී. ශ්‍රී ලංකාව තුළ, විශේෂයෙන්ම මෙවැනි ජාතික මහෝත්සව සහ ඉහළ ආරක්ෂාවක් සහිත කලාපවල ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීම සඳහා
ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ව අවසරය ලබා ගැනීම අනිවාර්ය වේ.
අත්අඩංගුවට ගත් පෘතුගීසි ජාතිකයාට එවැනි නිල අවසරයක් ලැබී තිබුණේද යන්න පිළිබඳව බලධාරීන් විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, රටේ ජාතික ආරක්ෂාවට අදාළ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ඉදිරි නීතිමය පියවර ගැනීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval