driver-killed-after-container-crashes-into-prime-mover-at-colombo-port


කොළඹ වරායේ බහාලුම් අංගනයේදී සිදු වූ දරුණු කාර්මික අනතුරකින් 36 හැවිරිදි ප්‍රයිම් මූවර් රථ රියදුරෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුර ඊයේ (08) දිනයේදී සිදුවී ඇති බව පොලිසිය තහවුරු කරයි.



ප්‍රයිම් මූවර් රථයට දොඹකරයක් මගින් බහාලුමක් පැටවීමේදී මෙම අනතුර සිදුවී ඇත. එම අවස්ථාවේදී අදාළ බහාලුම වෙනත් බහාලුමක ගැටී පාලනයෙන් ගිලිහී ගොස් ප්‍රයිම් මූවර් රථයේ රියදුරු කුටිය මතට කඩා වැටී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.



අනතුරින් බරපතල තුවාල ලැබූ දැදිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන රියදුරු වහාම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් දොඹකර ක්‍රියාකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, කොළඹ වරාය පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් පවතී.