බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු ඒ මහතා, වැඩිදුර පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා වෛද්‍ය නිර්දේශ මත පසුගිය 23 වනදා ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර එවන ලදී. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වූ වහාම නැවත වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත රැගෙන යාමට නියමිත බව බන්ධනාගාර බලධාරියෙකු සඳහන් කළේය.
දේශපාලනඥයන් ඇතුළු විශාල පිරිසක් හිටපු ජනාධිපතිවරයාගේ සුවදුක් විමසීම සඳහා රෝහල වෙත පැමිණෙමින් සිටින බැවින්, ආරක්ෂක හේතූන් මත එම පැමිණීම් සීමා කිරීමට පියවර ගෙන ඇති බවද වාර්තා වේ. අනිද්දා (26) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රනිල් වික්‍රමසිංහ මහතා, එදිනට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත නැවත ඉදිරිපත් කිරීමට නියමිතය.