driving-license-counter-opens-in-katunayake-upon-arrival-of-foreign-tourists

 විදේශීය සංචාරකයන් සඳහා පැමිණීමේදීම රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ නව සේවා කවුළුවක් අද (03) සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා ප්‍රකාශ කළේය. 



මේ දක්වා මෙම සේවාව ලබාගැනීමට හැකිවූයේ වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් පමණි. බොහෝ සංචාරකයින් ගුවන්තොටුපොළ ආසන්නයේ සිටම වාහන කුලියට ගෙන මෙරට තුළ ස්වයංව රිය පැදවීම සිදුකරන බැවින්, ඔවුන්ට වැඩි පහසුවක් සැලසීමේ අරමුණින් මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබේ.

මෙම නව ක්‍රමය යටතේ, සංචාරකයින් බහුලව භාවිත කරන යතුරුපැදි සහ සැහැල්ලු වාහන සඳහා පමණක් රියදුරු බලපත්‍ර නිකුත් කෙරෙනු ඇත. බර වාහන සහ ත්‍රිරෝද රථ සඳහා මෙම ගුවන්තොටුපොළ සේවා කවුළුවෙන් බලපත්‍ර නිකුත් නොකරන බවද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

gossiplanka image 2