a-12-year-old-boy-drowned-in-a-swimming-pool-at-an-opanayake-hotel-and-died

ඕපනායක ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිහිනුම් තටාකයක ගිලීමෙන් 12 හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. මෙම ශෝචනීය සිදුවීම සිකුරාදා (08) සවස් කාලයේදී වාර්තා වී තිබේ.





ඉඹුල්තැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම දරුවා, සිය දෙමව්පියන් සමග අදාළ හෝටලයට පැමිණ ඇත. පොලිස් විමර්ශනවලට අනුව, ඔහු මිතුරන් පිරිසක් සමග පිහිනුම් තටාකයේ ක්‍රීඩා කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබේ.

දරුවා දියේ ගිලෙනු දැක වහාම ගොඩට ගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇතත්, ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් ඕපනායක පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.