නගරයෙන් ගමට කඩාවැදුණු නාඳුනන තුවක්කුකරුවෝ ඉකුත්දා මාරවිලදී සිය දස හැවිරිදි පුතු ඉදිරියේ දෙදරු මවකගේ හිසට වෙඩි තබා මරා දැමූහ. මෙම සිදුවීමත් සමඟ මාරවිල මරඳ ප්‍රදේශයම බියෙන් සලිත වී ගියේය. වෙඩි ප්‍රහාරයෙන් මියගියේ වසන්ති චතුරානි හෙවත් “සුද්දී” නමැති තිස් හැවිරිදි රූමත් කාන්තාවකි.
සිද්ධිය සම්බන්ධයෙන් හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් පෙරේරාගේ උපදෙස් මත විමර්ශන ඇරැඹූ අතර ඒ සඳහා පොලිස් කණ්ඩායම් 5ක් පත්කෙරිණි. ඉකුත් මස 22 වැනිදා සිදුවූ මෙම වෙඩි තැබීමට සති දෙකක් යන්නටද මත්තෙන් සුද්දිට වෙඩි තැබීමට අදාළ සුලමුල සොයාගැනීමට මේ වනවිට පොලිසියට හැකි වී ඇත. ඒ අනුව විමර්ශන නිලධාර්න් සැකකරනුයේ ඇයගේ ඝාතනය මෙහෙයවා ඇත්තේ ඉතාලියේ පදිංචි අයකු විසින් බවය. මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ඔහු සහ සුද්දි අතර ඇති වූ මුදල් ගනුදෙනුවක් මත මෙම ඝාතනය සිදුව ඇතැයි මේ වනවිට කරන ලද විමර්ශයේදී හෙළිවී ඇත. එමෙන්ම සුද්දි ඝාතනය සඳහා තුවක්කුකරුවන් පැමිණි යතුරුපැදියද සොයාගෙන ඇති අතර යතුරුපැදිය පැදවූ පුද්ගලයා හමුදා සෙබළෙකු බවටද හඳුනාගෙන ඇත.සුද්දි වෙඩි තබා මරා දමන්නේ ඉකුත් ජුනි මස 22 වැනිදා රාත්‍රියේය.
ඇය මත්ද්‍රව්‍ය ජවාරමේ මෙන්ම මතට ඇබ්බැයි වූ කාන්තාවක්ද වූවාය. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගතවද සිටියාය. එලෙස රක්ෂිත බන්ධනාගාරගතව සිට පැමිණි ඇය නැවත මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණාය. කිසිවකු ඇගෙන් අයිස් කෑලි දෙකක් ඉල්ලන්නේ ඒ නිසාය. අයිස් ලබාදීමේ අරමුණෙන් ඇය සිය දස හැවිරිදි දරුවා තවත් සමීපතමයකු සමඟ ත්‍රීවීලරයකින් නිවෙසින් පිටව යන්නේ ඉන්පසුවය. මත්කුඩු පැකට් දෙක ලබාගැනීමට අවශ්‍ය වූ පුද්ගලයා ඇය සමඟ දුරකථනයෙන් සම්බන්ධවෙමින් මරඳ හෙට්ටියාවත්ත හන්දියට පැමිණියේ යතුරුපැදියකින්ය. ඒ සමඟම ත්‍රීවීලරයේ සිටි සුද්දි ගනුදෙනුකරු සමඟ කතාබස් කරත්ම යතුරුපැදියේ පසුපස සිටි තැනැත්තා ගිනි අවියකින් ඇයගේ හිසට වෙඩි තැබීය. ඒ දස හැවිරිදි දරුවා ඉදිරියේය.
වෙඩි වැදුණු සුද්දී එතැනම මැර් වැටුණු අතර ඒ සමඟ තුවක්කුකරුවෝ පලාගියහ. සිද්ධිය පිළිබඳ විමර්ශන ඇරැඹුයේ මාරවිල මූලස්ථාන පොලිසිය විසිනි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපිත් රෝහණගේ අධීක්ෂණය මත හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පෙරේරා සහ සහකාර පොලිස් අධිකාරි එස්. ඩී.ආර්. ප්‍රියන්තගේ උපදෙස් මත කණ්ඩායම් 5ක් විමර්ශන සඳහා පත් කෙරුණේ ඉන් පසුවය.
නිලධාර්න් සුද්දි සමඟ ත්‍රිරෝද ඊයෙන් ගමන්ගත් ඇගේ සමීපතමයා සහ රථයේ රියැදුරුගෙන්ද දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට වූ අතර සිද්ධිය ඇසින් දුටු සුද්දිගේ දස හැවිරිදි පුතාගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගනු ලැබීය. එහෙත් සුද්දිගේ ඝාතනය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ඔවුන්ගෙන් හෙළි නොවීය. මේ අතර විමර්ශන සඳහා දූෂණ මර්දන අංශයේ පොලිස් පරීක්ෂක බුද්ධික විරාජ් ඇතුළු කණ්ඩායමක්ද එක්කර ගැනිණි. සිද්ධිය පසුපස පන්නද්දි ඔවුන්ට තොරතුරක් ලැබිණි. ඒ වෙඩි තැබීමෙන් පසු මාදම්පේ ඉරට්ටකුලම එක්තරා පුද්ගලයකුගේ නිවෙසක් අසල දෙතුන්දෙනකු රැඳී සිටිමින් මත්ද්‍රව්‍ය පානය කළ බවකි.
ඒ පසුපස ගිය නිලධාර්න් මත්ද්‍රව්‍ය පානය කළ තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගැනුණේ ආරච්චිකට්ටුව, කෝට්ටපිටිය පදිංචි 26 හැවිරිදි තරුණයකු සහ ඉරට්ටකුලම ප්‍රදේශයේ 23 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරෙකි. විමර්ශන නිලධාර්න් ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී සුද්දි ඝාතනයේ සුලමුල එකිනෙක හෙළිවන අතර එහිදී අනාවරණය වන්නේ සුද්දි ඝාතනය සඳහා යතුරුපැදි දෙකක් පැමිණ ඇති බවය. ඉන් එකක පැමිණ ඇත්තේ ඇයගෙන් අයිස් කෑලි දෙකක් ඉල්ලූ පුද්ගලයන් දෙදෙනාය. ඉන් එක් අයකු සුද්දි දැනහඳුනාගත් අයකු වූ අතර අයිස් කෑලි දෙක සුද්දිගෙන් ඉල්ලා ඇත්තේ ඔහුය.
අනෙක් යතුරුපැදියේ තුවක්කුකරුවන් දෙදෙනා පැමිණ ඇති අතර යතුරුපැදිය පදවා ඇත්තේ යුද හමුදාවේ හිටපු සෙබළෙක් බව සැක කෙරේ. සුද්දි දන්නා කියන තරුණයා විසින් ඉල්ලූ අයිස් කෑලි දෙක ඔහුට ලබාදීමට පැමිණි මොහොතේදී අනෙක් යතුරුපැදියේ සිටි තුවක්කුකරු සුද්දිට වෙඩි තබා ඇති බව විමර්ශනයේදී හෙළි වී තිබේ. මේ අතර සුද්දි ඝාතනයෙන් පසු තුවක්කුකරුවන් පැමිණි යතුරුපැදිය තුවක්කුකරු විසින් ඉරට්ටකුලම ප්‍රදේශයේ අයකුට ලබාදී තිබේ. ඒ එම පැදිය ෆිනෑන්ස් ඇරියස් බව කියමින් එය සඟවා තබන ලෙස උපදෙස් දෙමින්ය. පසුව නැවත තුවක්කුකරුගේ උපදෙස් ලැබී ඇත්තේ සැඟවූ යතුරුපැදිය කැබලිවලට කඩා පුලුස්සා වළ දමන ලෙසය. එම උපදෙස්වලට අනුව සැකකරු සිය සහෝදර්ය පදිංචිව සිටින නිවෙස පිටුපස ඇති වැසිකිළි වළට යතුරු පැදිය දමා තිබේ.
එම තොරතුරුවලට අනුව වෙන්නප්පුව සහ දංකොටුව පොලිසිවල විශේෂ කණ්ඩායමක් එම වැසිකිළි වළ සෝදිසිකොට වැසිකිළිවළ තුළට දැමූ යතුරුපැදිය සොයාගෙන ඇත. නිලධාරීන් වැසිකිළි වළේ යතුරුපැදිය සැඟවූ පුද්ගලයාද අත්අඩංගුවට ගෙන තිබේ.මේ අතර තවත් සැකකරුවකුද විමර්ශන නිලධාර්න් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සුද්දිට වෙඩි තැබූ ගිනි අවිය ත්‍රීවීලරයක දමා කොළඹට ගෙනයෑම සඳහා ප්‍රවාහන පහසුකම් ලබාදුන් තැනැත්තාය. ඉරට්ටකුලම ප්‍රදේශයේම පදිංචි 23 හැවිරිදි ඔහුට අයත් ත්‍රිරෝද රියද අත්අඩංගුවට ගෙන ඇති අතර සුද්දි මරා දැමීම සඳහා උපයෝගිකරගත් පිස්තෝලය සහ සුද්දි වෙඩි තබා මැරූ තුවක්කුකරු වත්තල ප්‍රදේශය තෙක් රැගෙන ගොස් ඇත්තේද මෙම පුද්ගලයා බව විමර්ශන නිලධාහු සැක කරති. සුද්දි ඝාතනයට යොදාගත් වැසිකිළි වළක තිබී සොයාගත් යතුරුපැදිය කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවකුට අයත් එකක් බව කියයි.
කෙසේ වෙතත් මේ වන විට සුද්දි ඝාතනය සම්බන්ධයෙන් ආධාර අනුබල දීමේ චෝදනාව මත පුද්ගලයන් සිවුදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් ලද තොරතුරු මත සුද්දි ඝාතනය සඳහා යතුරුපැදිය පැදවූ තැනැත්තාද නිලධාර්න් හඳුනාගෙන ඇත. මොහු හිටපු හමුදා සෙබළෙකු බවට හෙළිවී තිබේ. ඔහු රටින් පලායෑම වැළෑක්වීම සඳහා ඔහුගේ සියලු තොරතුරු අධිකරණයට දන්වා රටින් පිටවීම් වැළැක්වීමේ තහනම් නියෝගයක්ද පොලිසිය මේ වන විට ලබාගෙන ඇත. මේ අතර අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී හෙළිවන්නේ සුද්දි ඝාතනය ඉතාලියේ පදිංචි පුද්ගලයකු විසින් මෙහෙයවා ඇති බවට සැක කරන බවකි. ඔහුද මාදම්පේ ඉරට්ටකුලම පදිංචිකරුවකු බව කියයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කාර්යක් වූ සුද්දි සහ ඉතාලියේ පදිංචි පුද්ගලයා අතර ඇති මත්ද්‍රව්‍ය මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඇති ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට සැකකරන බව විමර්ශන නිලධාහු වැඩිදුරටත් පවසති. ඒ අනුව පොලිසිය සැකකරන්නේ ඉතාලි පුද්ගලයා ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත සුද්දි ඝාතනය වන්නට ඇති බවකි. සුද්දි ඝාතනයේ වෙඩික්කරුවන් සොයා පොලිසිය විමර්ශන සිදුකරයි.
වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා, හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් පෙරේරා, මාරවිල සහකාර පොලිස් අධිකාරි එස්.ඩී.ආර්. ප්‍රියන්ත යන නිලධාර්න්ගේ අධීක්ෂණය සහ උපදෙස් මත මාරවිල මූලස්ථාන පොලිස් පරීක්ෂක සරත් සමරවික්‍රම, දංකොටුව පොලිස් ස්ථානාධීපති ශිරාන් පෙරේරා, පොලිස් පරීක්ෂක බුද්ධික විරාජ් ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරති.
(පොලිස් විමර්ශන ඇසුරෙනි)
කීර්ති මෙන්ඩිස්
Comments
Post a Comment
Your comment will be visible after approval