former-state-minister-shashindra-rajapaksa-arrested

හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද දින මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.



චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් මෙරටට ගෙන්වීම තුළින් රජයට මූල්‍යමය පාඩුවක් සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදුකරන විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සඳහන් වේ.



මෙම සිදුවීම සම්බන්ධයෙන් මීට පෙරද ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි. 2025 ජුනි මස 5 වන දින ඔහුගෙන් පැය 7කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බවටද මීට පෙර වාර්තා පළවී තිබිණි.