
දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් සමථයකට පත්කිරීමට මැදිහත් වූ බස් ව්‍යාපාරිකයෙකු, පන්නිපිටිය ප්‍රදේශයේදී සැකකටයුතු ලෙස මියගොස් ඇති බව තලංගම පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පන්නිපිටිය, පොල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අරුක්ගොඩ ගමගේ සුගත් චමින්ද නැමැත්තෙකි. ඔහු සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී පොල්වත්ත හන්දිය අසල ඇතිවූ මෙම ගැටුම බේරීමට ගිය අවස්ථාවේදී එක්වරම බිම ඇද වැටී තිබේ. පසුව ඔහුව තලංගම දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
මියගිය පුද්ගලයාගේ හිස පිටුපස තුවාලයක් දක්නට ලැබෙන අතර, එය පහරදීමකින් සිදුවූවක්ද, නැතහොත් ඇදවැටීමෙන් සිදුවූවක්ද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිතව තහවුරු වී නොමැත.
කෙසේ වෙතත්, තලංගම හදිසි මරණ පරීක්ෂිකා ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය, පොලිස් වාර්තා සහ සාක්ෂි පදනම් කරගනිමින් මෙය "අභිරහස් ලෙස මියගිය සැකකටයුතු මරණයක්" ලෙස නිගමනය කර, කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.
සිද්ධියට සම්බන්ධ අනෙක් පාර්ශ්වය පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, තලංගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval