dematagoda-ruwans-100-million-building-taken-into-custody-by-cid

 මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මිලදී ගත් බවට හෙළිදරව් වූ කෝටි දහයකට ආසන්න වටිනාකමකින් යුතු තෙමහල් ගොඩනැගිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගෙන තිබේ. සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන "දෙමටගොඩ රුවන්" නැමැත්තාට මෙම ගොඩනැගිල්ල අයත් බවට තොරතුරු ලැබී ඇත.



මෙම පියවර ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුබද්ධ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගිනි. මීට පෙරද එම කොට්ඨාසය විසින් දෙමටගොඩ රුවන්, ඔහුගේ බිරිඳ, පුත්‍රයා සහ සහෝදරියට එරෙහිව නීති විරෝධී ලෙස දේපළ උපයාගැනීම සම්බන්ධයෙන් නඩු ගොනු කර තිබිණි.



උසස් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල සාමාජිකයින් විසින් නීති විරෝධී ලෙස උපයාගත් බවට සැකකෙරෙන දේපළ සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා සිදුකරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම ගොඩනැගිල්ල අත්පත් කරගත් බවයි.

අපරාධ පරීක්ෂණ සහ මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ උපදෙස් මත, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී සුජීව විජේසේන මහතාගේ මෙහෙයවීමෙන්, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.



gossiplanka image 2


gossiplanka image 3