
දේශපාලන වේදිකාවල 'චිචීගේ රොකට්ටුව' ලෙස දිගු කලක සිට කතාබහට ලක්වූ සිය චන්ද්‍රිකාව, මේ වන විටත් නියමිත කක්ෂයේ නිවැරදිව සහ සක්‍රීයව පවතින බව සුප්‍රීම් සැට් (SupremeSAT) සමාගම නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර
වසර 13ක් පුරා පටු දේශපාලන වාසි තකා, ජනතාව නොමඟ යවමින් පැතිරවූ පදනම් විරහිත කටකතා පරාජය කර සත්‍ය කරුණු අනාවරණය වීම තම සමාගම ලැබූ ජයග්‍රහණයක් ලෙස සලකන බව එම නිවේදනයේ දැක්වේ. නිසි දැනුමකින් තොරව ජනතාව නොමඟ යැවීමට උත්සාහ කළ දේශපාලන පාර්ශ්ව සම්බන්ධයෙන් සිය බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවද සුප්‍රීම් සැට් සමාගම පවසයි.
සිය චන්ද්‍රිකාව දියත් කළ දා සිටම විද්‍යානුකූලව ස්ථානගත කර ඇති බවත්, එය මේ මොහොත වන විටත් 87.5° නැගෙනහිර කක්ෂයේ (87.5° East longitude orbit) සක්‍රීයව පවතින බවත් සමාගම එම නිවේදනයෙන් තාක්ෂණිකව තහවුරු කර ඇත.
මෙම මතභේද හමුවේ වුවද, ශ්‍රී ලංකාවේ ප්‍රගතිය වෙනුවෙන් නවෝත්පාදන ක්ෂේත්‍රයට දායක වෙමින්, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු වාණිජ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ හවුල්කරුවෙකු ලෙස සිය සමාගමේ කීර්තිනාමය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් ඉදිරියටත් කටයුතු කරන බව සුප්‍රීම් සැට් සමාගම අවධාරණය කරයි.

Comments
Post a Comment
Your comment will be visible after approval