ඒ අනුව, මොඩල්ෆාම් හන්දිය හරහා කොළඹට පැමිණෙන රථ වාහනවලට කනත්ත වටරවුම දෙසට හැරී බේස්ලයින් මාර්ගයට පිවිසීමේ හැකියාව පවතී. ඊට අමතරව, රාජගිරිය දෙසින් පැමිණෙන රියදුරන්ට ආයුර්වේද වටරවුමෙන් කොටා පාර ඔස්සේ කොළඹට ඇතුළු විය හැකි බවද පොලිසිය පෙන්වා දෙයි.
එමෙන්ම, කොළඹ දෙස සිට පැමිණ ශ්‍රී ජයවර්ධනපුර දෙසට ගමන් කිරීමට අපේක්ෂා කරන වාහන සඳහා ඩී. එස්. සේනානායක හන්දියෙන් වමට හැරී, බොරැල්ල හන්දිය හරහා කොටා පාර ඔස්සේ සිය ගමනාන්තය වෙත ළඟා වීමට විකල්ප මාර්ගයක් හඳුන්වා දී තිබේ.



