body-of-missing-father-of-three-found-in-maussakelle-reservoir-cause-of-death-stated-to-be-epf

දින කිහිපයක සිට අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් මාවුස්සාකැලේ ජලාශයේ පතුලේ තිබී නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් සොයාගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ මස්කෙළිය, බ්‍රවුන්ලෝ වතුයායේ පදිංචිව සිටි 55 හැවිරිදි තිදරු පියෙකි.



මෙම පුද්ගලයා පසුගිය 06 වනදා සිට නිවසින් අතුරුදන්ව ඇති බවට වාර්තා වී තිබූ අතර, සෝදිසි කිරීම්වලදී ඔහුගේ ඇඳුම්, හිස්වැස්මක් සහ පාවහන් ජලාශ ඉවුරේ තිබී හමුවී ඇත.

මස්කෙළිය පොලීසිය සඳහන් කළේ, එම ඇඳුම් තිබූ ස්ථානය ආසන්නයේ පොළොව මත "මගේ මරණයට හේතුව E.P.F" යනුවෙන් සටහනක් ලියා තිබූ බවයි.

මෙම සටහන සහ අතුරුදන්වීම පාදක කරගනිමින් නාවික හමුදාවේ සහාය ඇතිව ජලාශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ජලාශ පතුලේ සිරවී තිබූ මළ සිරුර සොයා ගැනීමට හැකිවී තිබේ.

මියගිය පුද්ගලයාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා දික්ඔය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙළිය පොලීසිය විසින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.



gossiplanka image 2