කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (අගෝ. 29) පස්වරුවේ රෝහලෙන් පිටව ගියේ ය.
එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, රෝහලෙන් බැහැරව ගියත් දී තිබෙන වෛද්‍ය උපදෙස් අනුව හිටපු ජනාධිපතිවරයා නිවසේ තවදුරටත් විවේකයෙන් ගත කිරීමට නියමිත බව ය.
නිවසේ රැඳි සිටින කාලය තුළදී රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පවුලේ වෛද්‍යවරු දැඩි අධීක්ෂණයෙන් කටයුතු කරන බව එම නිවේදනයේ සඳහන් කර ඇත.