
වසරේ සිදුවන දර්ශනීයම ආකාශ සංසිද්ධියක් ලෙස සැලකෙන පර්සයිඩ් උල්කාපාත වර්ෂාව අද (12) රාත්‍රීයේදී ශ්‍රී ලංකාවාසීන්ට දැකගත හැකි වනු ඇතැයි ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය නිවේදනය කරයි. මෙම උල්කාපාත වර්ෂාව අගෝස්තු 24 වන දා දක්වා සක්‍රීයව පවතිනු ඇත.
මෙම ආකාශ සංසිද්ධිය වඩාත් පැහැදිලිව නැරඹීම සඳහා අද මධ්‍යම රාත්‍රියෙන් පසු, එනම් පාන්දර 2.00 න් අනතුරුව ඊසාන දිග අහසේ ක්ෂිතිජයෙන් අංශක 20ක් පමණ ඉහළ ප්‍රදේශය නිරීක්ෂණය කළ යුතු බව එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි. කාලගුණය යහපත්ව,
අහස පැහැදිලිව පවතින්නේ නම්, උල්කාපාත වර්ෂාවේ උච්චතම අවස්ථාවේදී පැයකට උල්කාපාත 100ක් පමණ ගණනක් දැකගත හැකි වනු ඇත.
‘ස්විෆ්ට්-ටට්ල්’ (Swift-Tuttle) ලෙස හඳුන්වන වල්ගා තරුව ගමන් මඟෙහි ඉතිරි කර ගිය සුන්බුන් සහ දූවිලි අංශු හරහා පෘථිවිය ගමන් කිරීමේදී එම අංශු පෘථිවි වායුගෝලයට ඇතුළුවීමෙන් මෙම උල්කාපාත වර්ෂාව නිර්මාණය වේ. ඊසාන දිග අහසේ දිස්වන පර්සියස් තාරකා මණ්ඩලයේ සිට උල්කා මෙම විහිදී එන ආකාරයක් දිස්වන බැවින් මෙය "පර්සයිඩ්" උල්කාපාත වර්ෂාව ලෙස නම් කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval