ranil-admitted-to-the-intensive-care-unit-of-the-national-hospital

බන්ධනාගාර රෝහලේ සිට වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එහි දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. රෝහල් ආරංචි මාර්ගවලට අනුව, විජලන තත්ත්වයක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව, පසුගියදා (22) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වික්‍රමසිංහ මහතා අගෝස්තු 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.



බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව, රුධිර පීඩනය සහ රුධිරයේ සීනි මට්ටම ඉහළ යෑම හේතුවෙන් වෛද්‍ය නිර්දේශ මත ඔහුව එදින රාත්‍රියේම බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කෙරිණි.

බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව, වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහල වෙත මාරු කර යැවීමට නිර්දේශ කර තිබිණි. ඒ අනුව, අද (23) දහවල් ඔහු කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවන ලදී.
එහි ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටි ඔහු ඇතිවූ විජලන තත්වය මත දැඩි සත්කාර ඒකකයට යොමු කර තිබෙන අතර තත්වය සාමාන්‍ය බව වෛද්‍යවරුන් පවසා තිබේ.



gossiplanka image 2