ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අභිනවයෙන් පත් වූ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් හත් දෙනෙකු හමුවී, ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම තානාපතිවරයකුගේ වගකීම බව අවධාරණය කළේය.
ජනාධිපති කාර්යාලයේ පැවති මෙම හමුවේදී, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට කිසිදු වෙනස්කමකින් තොරව සාධාරණව සේවය කරන ලෙසත්, ඔවුන්ගේ ගැටලුවලට කඩිනමින් මැදිහත් වන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේය.
රටේ වත්මන් ආර්ථික ස්ථාවරත්වයත් සමඟ ආයෝජන, අපනයන, සංචාරක සහ රැකියා යන ක්ෂේත්‍ර හරහා විදේශ ආදායම් ඉපැයීමට කැපවන ලෙස ජනාධිපතිවරයා නව දූත මණ්ඩල ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේය.
නව පත්වීම් ලැබූ රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ඔවුන්ගේ රටවල් පහත දැක්වේ:
- ඉන්දුනීසියාව: එස්.එස්. ප්‍රේමවර්ධන මහත්මිය
- බ්‍රසීලය: සී.ඒ.සී.අයි. කොලොන්න මහත්මිය
- මාලදිවයින: එම්.ආර්. හසන් මහතා
- තුර්කිය: එල්.ආර්.එම්.එන්.පී.ජී.පී.බී. කදුරුගමුව මහතා
- නේපාලය: රුවන්ති දෙල්පිටිය මහත්මිය
- දකුණු කොරියාව: එම්.කේ. පත්මනාදන් මහතා
- ඕමානය: ඩබ්ලිව්.ඒ.කේ.එස්. ද අල්විස් මහතා
Comments
Post a Comment
Your comment will be visible after approval