CID records statement from Venerable Itthekande Saddhatissa Thero regarding a Sevanagala land transaction

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගෙන් ඊයේ (12) දින ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. සෙවණගල සීනි කර්මාන්තශාලාවට අයත් ඉඩමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයකට අදාළව මෙම ප්‍රකාශය ලබාගෙන ඇත.



ප්‍රකාශය ලබාදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට වැඩම කළ උන්වහන්සේගෙන්, එහි පැමිණි හේතුව පිළිබඳව මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී, තමන් "මිතුරෙකු හමුවීමට පැමිණි" බවත්, එය එතරම් වැදගත් කරුණක් නොවන බවත් උන්වහන්සේ සඳහන් කළහ.

කෙසේ වෙතත්, ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සද්ධාතිස්ස හිමියෝ, "රොකට්ටුවක් පතිත වී රට 'ඔන් ද ස්පොට්' වී ඇති" බවට ප්‍රකාශ කළහ.

රටක අගමැතිවරියක් පාර්ලිමේන්තුවේදී කරන ප්‍රකාශයක් මන්ත්‍රීවරයෙකුට විවේචනය කළ නොහැකි බවත්, එය කළ හැක්කේ අගමැතිවරියට හෝ ජනාධිපතිවරයාට පමණක් බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

"මේ රටේ වැඩ කරන සියලු දෙනා ආපස්සට පැමිණ තිබෙනවා. රට භාරගත්තා නම් අනවශ්‍ය කුණු ගොඩවල් අදිමින් නොසිට රටට වැඩක් කළ යුතුයි," යනුවෙන්ද උන්වහන්සේ එහිදී වැඩිදුරටත් පැවසූහ.