
බොරැල්ල, සහස්පුර නිවාස සංකීර්ණය අසලදී ඊයේ (07) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ. මෙම සිදුවීමෙන් මියගොස් ඇත්තේ කැලණිය, අකුරුපිටිය පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණයෙකි.
වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ අනෙක් සිව් දෙනා කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර,
ඔවුන් වයස අවුරුදු 21, 22 සහ 23 යන වයස්වල පසුවන්නන් බව පොලීසිය පවසයි. තුවාලකරුවන් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.
සැලසුම් කර තිබූ ක්‍රීඩා උත්සවයක් සඳහා අදාළ නිවාස සංකීර්ණය ආසන්නයේ සූදානම් වෙමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු වෙත මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය වූ ස්ථානයේ පොලිසිය විසින් සිදුකළ පරීක්ෂාවකදී ටී-56 වර්ගයේ ගිනි අවියකට භාවිත කළ උණ්ඩ කොපු 25ක් සොයාගෙන ඇත. බොරැල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval