policeman_4

නි‍ෙවසේ සූදු පොළක් පව­ත්වා­ගෙන ගිය ඉප­ලෝ­ගම ප්‍රාදේ­ශීය සභාවේ සමගි ජන බල­වේ­ගයේ මන්ත්‍රී­ව­ර­යෙක් සහ නි‍ෙවසේ සූදුවේ නිර­තව සිටි 14 දෙනෙක් ඉප­ලෝ­ගම පොලී­සියේ නිල­ධා­රීන් විසින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබ තිබේ.



නි‍ෙවස පරීක්ෂා කිරී­මේදී අධි­ශී­ත­ක­ර­ණ­යක දමා තිබුණු දඩ­මස් කිලෝ 7ක් ද පොලී­සිය විසින් සොයා­ගන්නා ලදි. සැක­කාර මන්ත්‍රී­ව­රයා ඇතුළු පිරිස ඊයේ (05) කැකි­රාව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­පත් කිරී­මට පොලී­සිය පිය­වර ගෙන තිබිණි. එහිදී සැක­ක­රු­වන් වරද පිළි­ගත් බැවින් දඩ මුදල් නියම කර නිද­හස් කර තිබේ. එහෙත් අදාළ මන්ත්‍රී­ව­රයා තඹු­ත්තේ­ගම විශේෂ අප­රාධ විම­ර්ශන කාර්යාං­ශය මඟින් සිදු­ක­රන මුදල් වංචා­වක් සම්බන්ධ වූ නඩු­ව­කට අදා­ළව අත්අ­ඩං­ගු­වට ගැනී­මට අව­ශ්‍යව සිටි පුද්ග­ල‍ෙ­යක් වූ බැවින් ඒ බව පොලී­සිය අධි­ක­ර­ණ­යට දැනුම් දී තිබේ.

ඒ අනුව මේ මස 12 වැනි දින දක්වා ඔහු රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට අධි­ක­ර­ණය නියෝග කර ඇත.

මෙලෙස රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කෙරුණේ ඉප­ලෝ­ගම ප්‍රාදේ­ශීය සභාවේ මන්ත්‍රී­ව­ර­යකු වන, ඉප­ලෝ­ගම, පුංචි­කු­ලම පදිංචි අජන්ත බිය­ගම නමැති අයයි.

මන්ත්‍රී­ව­ර­යාගේ නි‍ෙවසේ පව­ත්වා­ගෙන යන සූදු­පොළ සම්බ­න්ධ­යෙන් ඉප­ලෝ­ගම පොලී­සියේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ප්‍රසාද් ඒක­නා­යක මහ­තාට ලැබුණු තොර­තු­ර­කට අනුව, කැකි­රාව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යෙන් සෝදිසි වරෙ­න්තු­වක් ලබා­ගෙන පොලිස් විශේෂ කාර්ය බළ­කාය හා පොලිස් නිල සුන­ඛ­යින් යොදා ගනි­මින් පෙරේදා (04) මෙම වැට­ලීම කර තිබේ.



එම නි‍ෙවස වටා අඩි 10කට වැඩි උස­කින් තාප්ප­යක් ඇති බවත් එම තාප්ප­යට ගැළ­පෙන ප්‍රමා­ණයේ විශාල ගේට්ටු­වක්ද තිබෙන බව පොලී­සිය සඳ­හන් කරයි. පිට­තින් කිසි­වෙ­කු­ටත් බැලූ බැල්මට නි‍ෙවස පිහිටි භූමිය නොපෙ­ණෙන ලෙස මෙසේ උස් තාප්ප­යක් ඉදි­රි­කර ඇති බව පොලී­සිය සඳ­හන් කරයි. නි‍ෙවස වටාත් එහි ඇතු­ළත් ආර­ක්ෂක කැමරා සවි­කර තිබී ඇතැයි පොලී­සිය සඳ­හන් කරයි. කාල­යක් තිස්සේ රහ­සි­ග­තව මෙම නි‍ෙවසේ සූදු­පොළ පව­ත්වා­ගෙන ගොස් ඇති බවට තොර­තුරු ඇතැයි පොලී­සිය සඳ­හන් කරයි. පොලී­සිය වැට­ලීම සිදු­ක­රන විටත් සූදු­පොළ ක්‍රියා­ත්මක වෙමින් තිබී ඇත.