amaya-passed-away-before-she-could-even-join-the-advanced-level-exams-after-obtaining-a9

 පසු­ගිය අ.පො.ස. සාමාන්‍ය පෙළ විභා­ගය ආරම්භ වන විට මාතර ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යා­ලයේ අමායා සස්මිණි දිය­ණිය සිටියේ රෝහලේ සය­න­යක් මතය. දෛවයේ කුරිරු සර­ද­ම­කට ලක්ව සිටි අමායා තම ජීවි­තය පිළි­බඳ ආශා­වන් අත­හැර ජීවි­ත­යත් මර­ණ­යත් අතර සැරි­ස­ර­මින් වේද­නා­ත්මක දින ගණ­නක් ගත කර­මින් සිටියේ පවුලේ සිය­ලු­දෙනා මෙන්ම පාසලේ ගුරු මවු­පි­යන් හා සිය මවු­පි­යන්ගේ ද නෙතඟ කඳුළු රඳ­ව­මිනි. 



නාකු­ළු­ග­මුව බට­හිර, හඳ­පා­න්ගො­ඩැල්ල, “සොඳුරු සෙවණ” නිවසේ කුඩා කල මහත් ආසා­වෙන් කෙළි­දෙ­ළෙන් ගත කළ අමායා නව යෞව­නි­යක් බවට පත්වන විට ඇයගේ දිවි මඟ සොඳුරු නොවූවා ය. දික්වැල්ල උතුර මහා විද්‍යා­ල­යෙන් ප්‍රාථ­මික අධ්‍යා­ප­නය ලබන අමායා සස්මිණි ශිෂ්‍යත්ව විභා­ග­යෙන් උසස් ලෙස සමත්ව ගමේ පාස­ලෙන් මාතර නග­රයේ ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යා­ලය වෙත ඇතු­ළු­වන්නේ තම අනා­ග­තය පිළි­බඳ දහ­සක් බලා­පො­රොත්තු සම­ඟය.

එහෙත්, පාසල තුළ විවිධ දක්ෂතා පෙන්වන අමායා වස­රින් වසර ගත­වෙ­මින් 10 ශ්‍රේණි­යට සමත් වන්නේ තමන් මුහුණ දෙන පළමු කඩ­ඉම් විභා­ගය වන සාමාන්‍ය පෙළ විභා­ග­යෙන් උසස් සමා­ර්ථ­යක් ලබා ගැනීමේ මහත් බලා­පො­රොත්තු ඇතිව ය.

ඇයගේ බලා­පො­රොත්තු ඉටු­කර ගැනීම වෙනු­වෙන් මවු­පි­යන් හා ගුරු භව­තුන් අමා­යාට සියලු සහ­යෝ­ග­යන් ලබා දෙනු ලබන්නේ ඈ තුළ තිබූ ඉල­ක්ක­ගත ප්‍රති­ඵ­ලය ලබා ගත හැකි බවට පෙර­නි­මිති පෙන්ව­මින් සිටි නිසයි.



ඒ අතර තම සියලු බලා­පො­රො­ත්තු­ව­ලට කණ­කොකා හඬ­ව­මින් හිටි­හැ­ටියේ අමා­යාට සුව කළ නොහැකි රෝගී තත්ත්ව­යක් ඇති­වූයේ නොසිතූ මොහො­තක ය.

වහා වෛද්‍ය ප්‍රති­කාර සඳහා අමායා රැගෙන යන මවු­පි­යන් වෛද්‍ය උප­දෙස් මත දිගු­කා­ලීන ප්‍රති­කාර සඳහා ඇය යොමු කරනු ලැබුවේ අනා­ගත බලා­පො­රොත්තු බිඳක් හෝ තබා ගනි­මිනි. තම රෝගී තත්ත්වය නිසා කොත­රම් මාන­සික පීඩා­වක් ඇති වුවද ප්‍රති­කාර ලබ­මින් ම පාසල් ගමන අත් නොහළ අමායා තම ඉල­ක්ක­ගත සාමාන්‍ය පෙළ විභා­ග­යට මුහු­ණ­දී­මට සූදා­නම් වූවාය. ඒ අතර 11 ශ්‍රේණියේ අව­සන් මාස කිහිපය තුළ ඇයට වැඩි කලක් ගත කර­න්නට සිදු­වූයේ රෝගී තත්ත්වය මත ඇඳක් මතය.

කොත­රම් වේදනා බර තත්ත්ව­යක් වුවද ඇය රෝගී ඇඳේ සිටද පාඩම් කළාය. සාමාන්‍ය පෙළ විභා­ගය ආර­ම්භක දිනය වන විට ඇය දැඩි සේ රෝගා­තුර වී විභා­ග­යට පෙනී නොසි­ටී­මට තීර­ණය කර­න්නට තරම් සිත් පහළ වී තිබිණි.

කොත­රම් රෝගී තත්ත්වය තිබු­ණද ඇයගේ හීන සැබෑ කර ගැනී­මත්, මවු­පි­යන්ගේ බලා­පො­රොත්තු හැබෑ කිරීම මෙන්ම පාසලේ ගෞර­වය රැක­දී­මත් වෙනු­වෙන් අමායා අමා­රු­වෙන් හෝ විභා­ග­යට පෙනී සිටී­මට තීර­ණය කළේ නිතර ඇති­වන වම­නය තත්ත්ව­යද අම­තක කර­මිනි.

“අමායා හරිම හොඳ දරු­වෙක්, එයා හොඳින් ඉන්න කාලේ ඉස්කෝලෙ වැඩ හරිම හොඳට කළා. ගුරු­ව­රුන්ට හරි කීක­රුයි. වැඩට හරිම දක්ෂයි. මේ දරුවා විභා­ග­යට ආවේ වම­නය කර­මින්. මට ඒ ගැන මතක් වෙන­කො­ටත් දරා­ගන්න බැහැ. අනේ මේ රත්තරං කෙල්ල පාසලේ ගෞර­වය රැකලා දීලා අද අප අත­රින් යන්නම ගිහිල්ලා. කොහොම හිත හදා­ග­න්නද?”

මාතර සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යා­ලයේ නියෝජ්‍ය විදු­හ­ල්ප­තිනි ලලනී කුමාරි මහ­ත්මිය පැව­සූයේ නෙතින් කඩා හැලෙන කඳුළු දෑතින් පිස දම­මිනි.

අමායා සස්මිණි අමා­රු­වෙන් විභා­ග­යට පෙනී සිට රෝහ­ල්ග­තව සිටි­යදී සාමාන්‍ය පෙළ ප්‍රති­ඵල නිකුත් වූයේ ඇයගේ ප්‍රති­ඵ­ලය අසන දකින සිය­ලුම දෙනාගේ නෙතට කඳුළු එක්ක­ර­මිනි. ඒ අර තරම් අප­හ­සු­වෙන් වේද­නා­වෙන් සිටි අමායා සාමාන්‍ය පෙළ විභා­ග­යෙන් A සාමාර්ථ 9 ක් ම ලබා­ගෙන විශිෂ්ට ලෙස සමත්ව සිටීම නිසයි.



සාමාන්‍ය පෙළ විභා­ග­යෙන් ඉහළ සාමා­ර්ථ­යක් ලබා ගත්තද අමායා සස්මිණි උසස් පෙළ පන්ති­ය­කට එකතු වෙන්න­ටත් පෙර ඉකු­ත්දින ජීවි­ත­යට සමුදී මෙලො­වෙන් වෙන්ව ගියේ අසන දකින සැමගේ නෙතු කඳු­ළින් පුරවා දම­මිනි.

ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යා­ලයේ විදු­හ­ල්පති ප්‍රමුඛ ගුරු භව­තුන් සියලු දෙනා අමායා ගැන ලොකු බලා­පො­රො­ත්තු­වක් තිබු­ණද හදි­සියේ හට­ගත් මෙම අස­නීප තත්ත්වය ඒ බලා­පො­රොත්තු සිය­ල්ලම බිඳ­දැ­මී­මට තරම් හේතු­වක් වී තිබිණි. එහෙත් සාමාන්‍ය පෙළ විභා­ගයේ ප්‍රති­ඵ­ලත් සමඟ අමායා අව­සන් මොහොතේ ශාන්ත තෝමස් උසස් බාලි­කා­වට මාතොට කිරුළ පැල­ඳ­වී­මට සමත්ව සිටියේ, සියලු විෂ­ය­යන්ට A සාමාර්ථ නව­යක් ලබා ගැනීම හේතු­වෙන් උසස් බාලිකා විද්‍යා­ලය සාමාන්‍ය පෙළ විභා­ග­යෙන් දිස්ත්‍රි­ක්ක­යෙන් සිය­යට 100% ක් සමත් විද්‍යා­ලය පත්වීම නිසයි. අමායා සස්මිණි මෙලොව හැර ගොස් අව­සන් කට­යුතු සිදු­වන අව­ස්ථා­වට විදේශ ගතව සිටින පියාට එන්නට නොහැකි වීම පවුලේ සිය­ල්ලන්ගේ සිතෙහි දුක වැඩි කර­න්නට හේතු වී තිබුණි. අමා­යාගේ මවත් එකම නංගිත් අමා­යාගේ දේහය අස­ලට වී දුක් අඳෝනා කිය­ව­මින් හඬා වැටෙන්නේ යළි කිසිදු දිනක අමායා තම පවුල සමඟ එක්ව නොසි­ටින බව පව­ස­මිනි.

ඊයේ (04) සවස මළ හිරු බැස යද්දී අමායා සියලු දෙනා අත­හැර මෙලො­වින් යන්න ගියේ එක්ව සිටි සිය ගණ­න­කගේ නෙත­ඟින් කඳුළු රූරා වැටෙද්දී ය.
(ගන්දර  - ජය­සිරි පේදු­රු­ආ­රච්චි)

gossiplanka image 2


gossiplanka image 3