
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වීමේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද දින පාර්ලිමේන්තුවේදී කථානායක ජගත් වික්‍රමරත්න මහතා සමඟ උණුසුම් වාදයක පැටලුණි.
අද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා, ස්ථාවර නියෝග 98F වගන්තියට අනුව අධිකරණයේ විභාග වෙමින් පවතින කරුණක් පාර්ලිමේන්තු විවාදයට ගත නොහැකි බව පෙන්වා දුන්නේය.
මෙම විෂය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තුළ නඩු 09ක් විභාග වෙමින් පවතින බව සඳහන් කළ ඒ මහතා, පාර්ලිමේන්තු විවාදය මගින් අධිකරණ තීන්දුවට බලපෑමක් සිදු නොවන බවට සහතිකයක් ලබා දීමෙන් අනතුරුව විවාදය ආරම්භ කරන ලෙස ඉල්ලා සිටියේය.
ඊට පිළිතුරු ලබාදුන් කථානායක ජගත් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේ, අදාළ නීතිමය ප්‍රතිපාදන අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මෙම යෝජනාව අද දින විවාදයට ගැනීමට ඉඩ ලබාදුන් බවයි.
කෙසේවුවද, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අඛණ්ඩව කරුණු මතුකිරීමට උත්සාහ දැරූ අවස්ථාවේදී, තමන් ඒ සඳහා පිළිතුරක් ලබා දුන් බව අවධාරණය කළ කථානායකවරයා, මන්ත්‍රීවරයාට සිය කතාව අවසන් කරන ලෙස නියෝග කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval