
බොරලැස්ගමුව, මාලනි බුලත්සිංහල මාවතේදී අද (24) දින අලුයම සිදු වූ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු තුවාල ලබා ඇත. මෙලෙස මියගොස් ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ විසිපස් හැවිරිදි ගිහාන් දුලාන් පෙරේරා නමැත්තෙකි.
ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් නැරඹීමෙන් අනතුරුව තවත් අට දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සමඟ පයින් ගමන් කරමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබේ. පොලීසිය පවසන්නේ අලුයම 12.30ට පමණ ත්‍රිරෝද රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මෙම අපරාධය සිදු කර පළා ගොස් ඇති බවයි.
මෙම ඝාතනයට හේතුව සංගීත සංදර්ශනය අතරතුර ඇති වූ ආරවුලක් දුරදිග යාම බවට විමර්ශන පවත්වන පොලීසිය සැක පළ කරයි.
වෙඩි තැබීමට සම්බන්ධ වූ දෙපාර්ශ්වයම කිසියම් සංවිධානාත්මක අපරාධ කල්ලිවල සාමාජිකයන් බවට මේ දක්වා සිදු කර ඇති පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වූට්ලර් මහතා සඳහන් කළේය.
සිද්ධියෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා රෝහල් ගත කර ඇති අතර බොරලැස්ගමුව පොලීසිය අපරාධය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් දියත් කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval