after-the-overthrow-of-tsarist-rule-karl-marx-and-lenin-developed-the-country-maithripala-sirisena

විපක්ෂයේ පක්ෂ එක්ව පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හිටපු ජනපති මෛත්‍රිපාල ‍සිරිසේන පෙරේදා රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු ජනපති රනිල්ගේ සංසිද්ධිය ගැන පහත ආකාරයෙන් අදහස් පළ කළේය.



"ඔබ සියලු දෙනාටම සුබ උදෑසනක්, තෙරුවන් සරණයි.

සියලුම මාධ්‍යවේදී හිතවතුන්, මිත්‍රවරුනේ, ඒ වගේම හිටපු සියලුම මැති ඇමැතිතුමාලා, පක්ෂ ලේකම්වරු, පක්ෂ නායකයින් ඇතුළු මේ මාධ්‍ය හමුවට සහභාගී වන සියළු දෙනාගෙන් අවසරයි.

මම විශේෂයෙන්ම අද මෙම සාකච්ඡාව තුළදී පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙන්නෙ රටේ පවතින දේශපාලන තත්ත්වය කොයි ආකාරයටද ගමන් කරන්නේ කියන එක ඉතාම කෙටියෙන්.

පසුගිය දා නැත්නම් පෙරේදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අත්අඩංගුවට ගැනීම පිළිබඳව මුලින්ම මගේ දැඩි කණගාටුව, ඒ වගේම ඒ පිළිබඳව අපේ සිත්වල ඇතිවෙලා තිබෙන වේදනාව ප්‍රකාශ කරනවා. අනේ රටට විශාල සේවයක් කරපු කෙනෙක්. ඒ නිසා ඒ පිළිබඳව අපි බලවත් සේ අපේ කණගාටුව ප්‍රකාශ කරනවා.

විශේෂයෙන්ම අපේ රට ජාත්‍යන්තර දේශපාලනය හා යන ගමනේදී අපට සිහිපත් වෙනවා සාර් රාජ්‍ය පාලනයේ තිබුණු සෝවියට් දේශය. දා හතරවෙනි සාර් රජු, කාල් මාක්ස්, ලෙනින්ලා එදා විප්ලවයක් කරලා ඔක්තෝබර් විප්ලවයෙන් ඉතාමත් දැඩි හිංසාකාරී ජනතාවට තිබුණු පාලනයක්, සාර් පාලනය පලවා හැරපු හැටි. 



ඒ සාර් පාලනය පලවා හැරීමෙන් පසුව කාල් මාක්ස් හා ලෙනින්ලා, ඒ වගේම ඊට සම්බන්ධ වෙච්ච පිරිස් ප්‍රධාන වශයෙන්ම රටේ පරිවර්තනයක් කරලා රට යම්කිසි ඉහළ තැනකට, ජනතාවගේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ප්‍රජාතන්ත්‍ර රජයක් පිහිටුවා. මේක එක එක විදිහට විග්‍රහ කරන්න පුළුවන්, නිර්වචනය කරන්න පුළුවන්.

දැන් එක්දාස් නවසිය අනූ දෙකේදී ලෙනින්ලා, කාල් මාක්ස්ලා විප්ලවයක් කළා හදපු සෝවියට් දේශය, ගොර්බචොව් ඔහුගේ පෙරෙස්ත්‍රොයිකාවෙන් විශේෂයෙන්ම මුළු සෝවියට් දේශයම නැවත කෑලි කෑලි රටවල් විසිහතකට විතර කැඩුනා. ඒ ආකාරයට ලෝකයේ ගමන් මගේ එක් පැත්තකින් යුරෝපය, අනෙත් පැත්තෙන් අපිට ආදර්ශ තිබෙනවා තවත් ලෝකයේ රටවල්. මං ඒ ගැන දිගට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ.

කෙසේ වෙතත් අපේ රට යන වර්තමාන ගමන් මගෙහිදී රටේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක පිළිබඳව අද ප්‍රශ්නාර්ථයක් ඇති වෙලා තිබෙනවා දේශපාලනය දන්නා අයට. ඒ මොකද ප්‍රජාතන්ත්‍රවාදය කියන එක අපි මේ රටේ ජනතාවගේ ලේවලට කාවැදිලා තිබෙන දෙයක්.

හතලිස් හතේ ලබාගත්ත නිදහසේ සිට ඩී.එස්. සේනානායක මැතිතුමාගේත්, ඉන් පසුව බණ්ඩාරනායක මැතිතුමා වැනි නායකයින්ගෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය එන්න එන්න ශක්තිමත් වුණා. ඒ වගේම මගේ කාලය තුළ කවුරුන් කෙසේ කොහොම කිව්වත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වැනි සංශෝධනය හතලිස් හතෙන් පසු මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදයේ වඩාත්ම ශක්තිමත් වෙච්ච ව්‍යවස්ථාව කියලා කියන්නට පුළුවන්.

එතකොට දැන් අපිට පෙනී යන කාරණයක් තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබෙන ගති ලක්ෂණ කෙමින් කෙමින් මැකී යන ආකාරයක් අපිට දකින්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදයේ වැළලීමේ මිනී පෙට්ටියේ ලෑලි යතු ගමින් සිටින බව තමයි අපිට පේන්නේ.



එක නිසා මේ රටේ මාධ්‍ය ආයතන, මේ රටේ මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයින්, මේ රටේ රාජ්‍ය සේවකයින්, කලාකරුවන්, මෙරටේ පුරවැසියන්, පාසල් දරුවාගේ සිට ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබෙන වටිනාකම සහ අර්ථය තේරුම් ගැනීම ඉතාමත් අවශ්‍ය වෙනවා. ඒ නිසා ඊට අභියෝගයක් වෙනවා නම්, අපිට පෙනී යනවා නම් ඒ සඳහා යම් ප්‍රශ්නාර්ථයක් මතු වෙමින් පවතින බව, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සෑම කෙනෙකුගේම වගකීම හා යුතුකම් වෙනවා මේ සිදුවන සියලු දේශපාලන පක්ෂ භේද අමතක කරලා පොදු මහජනතාවගේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් රට බේරා ගැනීමට කටයුතු කිරීම.

නිසා අපි ආරාධනා කරනවා මේ වාඩි වී සිටින සමූහය සියලු දෙනාම ඒකාබද්ධ මතයක් විදිහට රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා සියලූ දෙනාම එක්ව කටයුතු කිරීමේ කාලය පැමිණෙමින් තිබෙන බව.

නිසා අපිට අපේ දේශපාලන ප්‍රතිපත්තීන් තුළ අපි දුක් විඳලා තියෙනවා, හිරේ ගිහිල්ලා තියෙනවා, නොයෙකුත් කරදරවලට අපි ලක්වෙලා තිබෙනවා. ඒක නිසා සාමාන්‍යයෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයා රිමාන්ඩ් භාරයට ගත්තයි කියන එක, දේශපාලනඥයෙක් විදිහට දේශපාලනඥයෙක් රිමාන්ඩ් එකේවත් හිටියෙ නෑ. ප්‍රධාන වශයෙන්ම අංග සම්පූර්ණ වෙන්න ඇති දේශපාලන චරිතයක්.

ඉතින් ඒක නිසා ඒ තත්වයන් උඩ කෙසේ වෙතත් මේ ඇති වෙලා තිබෙන තත්ත්වය ඉතාමත් කනගාටුදායකයි. නිසා රනිල් මහත්මා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් අපි දේශපාලන පක්ෂත්, මේ නීතිඥවරුන් පැමිණ සිටින දේශපාලන පක්ෂ නායකයින්, අපිට කරන්න පුළුවන් උපරිම කැපවීම අපි ප්‍රජාතන්ත්‍රවාදය ලෙස කරන බව විශේෂයෙන්ම සඳහන් කරමින්."



gossiplanka image 2