
මාතලේ, රත්තොට කයිකාවල ප්‍රදේශයේදී සිදු වූ මාරක රිය අනතුරකින් ග්‍රාම නිලධාරීවරයෙකුගේ ජීවිතය අහිමි වී තිබේ. සිය රාජකාරී කටයුත්තක් සඳහා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි 35 හැවිරිදි මෙම නිලධාරියා, පෞද්ගලික බස් රථයක ගැටීමෙන් අනතුරට ලක්ව ඇත.
අනතුරේ බරපතලකම හේතුවෙන් ග්‍රාම නිලධාරීවරයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය තහවුරු කළේය. මෙලෙස මියගොස් ඇත්තේ රත්තොට, කයිකාවල ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන තිබේ.
සිද්ධියෙන් පසු අදාළ පෞද්ගලික බස් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, රත්තොට පොලීසිය විසින් අනතුර සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval