
හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු සහ හිටපු ආණ්ඩුකාරවරයෙකු, නීති විරෝධී ලෙස උපයාගත් බවට සැකකෙරෙන වත්කම් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා ලබන සතියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමට නියමිතව ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් තහවුරු කළේය.
මෙම දෙදෙනාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර දැනුම් දී තිබුණද, ඔවුන් එම දිනයේදී පෙනී සිටීමට අපොහොසත් වී තිබේ. ඒ හේතුවෙන්, ඉදිරි සතියේ දිනයක පෙනී සිටීමට ඔවුන් විසින් ඉල්ලීමක් කර ඇති බවද එම නිලධාරියා සඳහන් කළේය.
අපරාධ පරීක්ෂණ සහ මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ උපදෙස් පරිදි, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාර පොලිස් අධිකාරී සුජීව විජේසේන මහතාගේ මෙහෙයවීම යටතේ මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval