10.00pm Update
ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ පෙර නොවූ විරූ සිදුවීමක් සනිටුහන් කරමින්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අගෝස්තු 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය අද (22) පස්වරුවේ (9.45 ට පමණ) නියෝග කළාය. මෙරට ඉතිහාසයේ හිටපු ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
කොළඹ කොටුව අධිකරණ පරිශ්‍රය මෙම සිදුවීම සමග කලහකාරී ස්වරූපයක් මතුව ඇති අතර රනිල් පාක්ෂිකයින් කෑකෝගසමින් සිටිනු වාර්තා විය.
අද සවස මෙම නඩුව විමසන අවස්ථාවෙ විදුලිය විසන්ධිවී බාධා ඇතිවීම නසා අවස්ථා කිහිපයකට කල් ගිය අතර මුලින් වාර්තාවූයේ ඇප මත නිදහස ලබාදුන් බවකි. නමුත් පසුව 9.45 ට පමණ අවසන් තීන්දුව ප්‍රකාශයට පත්විය.
රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීමේ චෝදනාවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය විසින් හිටපු ජනාධිපතිවරයා අද දින පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ, ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා එම දෙපාර්තමේන්තුව වෙත ඔහු පැමිණි අවස්ථාවේදීය. 2023 වසරේදී සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා එංගලන්තයට යෑමේදී රාජ්‍ය මුදල් යොදාගත් බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ක්‍රියාත්මක වේ.
අදාළ සිදුවීම 2023 වසරේ සැප්තැම්බර් 22 සහ 23 යන දිනවලදී සිදුව ඇති අතර, එම සංචාරය සඳහා හිටපු ජනාධිපතිවරයා සමඟ තවත් දස දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ද එක්ව ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ. මෙම විමර්ශනයට අදාළව මීට පෙර හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ හිටපු ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන්ගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.
හිටපු ජනාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි. අධිකරණ කටයුතු අතරතුර විදුලි බලය ඇනහිටීමක් ද සිදු වූ අතර, එම තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව නඩු කටයුතු යළි ආරම්භ කෙරිණි.
විත්තිය වෙනුවෙන් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොවීම නිසා ඇප නොලැබිනි.
මෙම ඓතිහාසික නඩු විභාගය නැරඹීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් ද, සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරුන් ඇතුළු විවිධ දේශපාලන පක්ෂවල නියෝජිතයින් විශාල පිරිසක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය වෙත පැමිණ සිටිනු දක්නට ලැබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval