56-by-election-seats-still-vacant

 පළාත් පාලන මැතිවරණය පවත්වා මාස තුනක කාලයක් ගතවී ඇතත්, පළාත් පාලන ආයතන කිහිපයක මන්ත්‍රී ධුර 56ක් තවමත් පුරප්පාඩුව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. පිළිගත් දේශපාලන පක්ෂ කිහිපයක් සහ ස්වාධීන කණ්ඩායම් විසින් එම ධුර සඳහා හිමි මන්ත්‍රීවරුන් නම් කර නොඑවීම මෙම තත්ත්වයට හේතු වී තිබේ.





මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේ, පසුගිය මැයි මස 6 වන දින පැවති ඡන්ද විමසීමෙන් අනතුරුව, ඒ ඒ පක්ෂ හා කණ්ඩායම්වලට හිමිවූ ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා නාම ලේඛන මෙතෙක් ලැබී නොමැති බවයි. එම නාම ලේඛන නොමැතිව එම පුරප්පාඩු පිරවීමට කොමිසමට නොහැකි වී ඇති බවද ඔහු අවධාරණය කළේය.

පිළිගත් දේශපාලන පක්ෂ තුනක් සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයක් විසින් ඉදිරිපත් කළ යුතු මෙම නාම ලේඛන ලැබෙන තුරු මැතිවරණ කොමිෂන් සභාවට බලා සිටීමට සිදුව ඇතැයිද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතට අනුව, ඡන්දයෙන් අනතුරුව හිමිවන සභික ධුර සඳහා තම නියෝජිතයින් කඩිනමින් නම් කර එවීම අදාළ දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල වගකීමක් බවද රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.