gossiplanka image 6

 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



අද පෙරවරුවේ පැය හතරකට අධික කාලයක් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.



මෙම සිදුවීමත් සමග කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය අවට ආරක්ෂාව තර කර ඇති අතර, එක්සත් ජාතික පක්ෂයේ නායකයින් සහ පාක්ෂිකයින් රැසක් මේ වන විටත් එම ස්ථානයට රැස්වෙමින් සිටින බව වාර්තාවේ.

ඔවුන් අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ,  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ද සිටිනු දක්නට ලැබිණි. තත්ත්වය සැලකිල්ලට ගනිමින් අධිකරණ පරිශ්‍රය තුළ සහ ඉන් පිටත විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ.
අද දින අධිකරණයට ඉදිරිපත් කරන හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාර ගත කාරාවිද නැතිනම් ඇප මත නිදහස් කරාවිද යන්න සවස තීරණය කරනු ඇත.
gossiplanka image 2


gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5


gossiplanka image 1