5-hour testimony from the parliament employee who was assaulted

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු ඇතැම් කාන්තා නිලධාරිනියන්ට හිංසා සහ අඩන්තේට්ටම් සිදු වූ බවට එල්ල වී ඇති චෝදනා විමර්ශනය කිරීම සඳහා පත්කළ විශේෂ කමිටුව සිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ. විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුව, එහි පළමු පියවර ලෙස පැමිණිලිකාර නිලධාරිනියගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම පසුගිය සඳුදා (11) සිදු කළේය.





එදින පැය පහකට අධික කාලයක් පුරා මෙම නිලධාරිනියගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, වසර දාහතක පමණ කාලයක් තිස්සේ තමන්ට සිදු වූ බව කියන හිංසනයන්ට අදාළ සාක්ෂි රැසක් ඇය විසින් කමිටුව වෙත ඉදිරිපත් කර ඇති බවටද වාර්තා වේ.

මෙම නිලධාරිනියගෙන් වැඩිදුරටත් කරුණු විමසීම සඳහා විමර්ශන කමිටුව ලබන 25 වන දින නැවත රැස්වීමට නියමිතව ඇත.

එම අදියරෙන් පසුව, මෙම හිංසන ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති නිලධාරීන් සිව් දෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. දින කිහිපයක් පුරා විමර්ශන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව, විශ්‍රාමික විනිසුරු අලහප්පෙරුම මහත්මිය සිය අවසන් වාර්තාව කතානායකවරයා වෙත භාර දීමට නියමිතය.