womans-body-found-near-pigeon-island

මාතර, පරෙවි දූපතට දිවෙන පාලම ආසන්නයේ මුහුදේ තිබී හඳුනානොගත් කාන්තා මළ සිරුරක් සොයාගත් බව පොලීසිය පවසයි. මහජනතාවගෙන් ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ මාතර පොලීසිය විසින් ඊයේ (11) රාත්‍රියේදී මෙම සිරුර ගොඩගෙන තිබේ.



මූලික පොලිස් නිරීක්ෂණවලට අනුව, මියගොස් ඇති කාන්තාව වයස අවුරුදු 40ත් 45ත් අතර වයස් කාණ්ඩයේ පසුවන්නියක් බවට අනුමාන කෙරේ. ඇයගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගැනීමට හැකිවී නොමැත.



පොලීසියට අනුව, මියගිය කාන්තාව අඩි පහක් පමණ උසකින් යුක්ත වන අතර, ඇය කළු සහ කහ පැහැයෙන් යුත් උඩුකය ඇඳුමකින් සහ කළු පැහැති කොට සායකින් සැරසී සිට ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් මාතර පොලීසිය විසින් පුළුල් විමර්ශනයක් දියත් කර තිබේ.