a-person-died-after-falling-from-scaffolding-at-a-three-story-building-construction-site-in-gampola

 ගම්පොළ, කහටපිටිය ප්‍රදේශයේ ඉදිවෙමින් පැවති තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයේ සේවය කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (11) දින දහවල් කාලයේදී එයින් ඇද වැටී මියගොස් තිබේ. යකඩ පලංචියක් ලිස්සා යාමෙන් මෙම අනතුර සිදුවී ඇති බවට ගම්පොළ පොලීසිය වෙත ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.





මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගම්පොළ, මාවතුර ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුරින් පසු එම ස්ථානයේ සිටි අනෙකුත් සේවකයින් විසින් ඔහුව ගම්පොළ රෝහල වෙත රැගෙන ගොස් ඇති නමුත්, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබේ.

මියගිය පුද්ගලයාගේ දේහය මේ වනවිට ගම්පොළ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.