while-looking-to-catch-rajitha-missing

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිය නිවසින් බැහැරව ගොස් දුරකථනයද විසන්ධි කර ඇති බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඊයේ (11) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. නීතිමය ක්‍රියාපටිපාටියෙන් බැහැරව, කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබා දීමෙන් රජයට රුපියල් ලක්ෂ 262 ඉක්මවූ පාඩුවක් සිදුකිරීමේ චෝදනාව මත ඒ මහතා සැකකරුවෙකු ලෙස නම් කර තිබේ. 

අදාළ විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබා දෙන ලෙස අවස්ථා කිහිපයකදීම දැනුම් දුන්නද, ඒ මහතා විවිධ අසත්‍ය හේතු ඉදිරිපත් කරමින් එය මඟහරිමින් සිටින බව අල්ලස් කොමිසමේ නිලධාරීහු අධිකරණයට දැන්වූහ. නීතිඥයෙකු මඟින් ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තාවකට නීතිමය වශයෙන් පිළිගැනීමක් නොමැති බවද කොමිසම එහිදී අවධාරණය කළේය.

විමර්ශන මඟහරිමින් සිටින සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී, එවැනි නියෝගයක් නිකුත් කිරීමට පෙර ඊට අදාළ ලේඛන අධිකරණයේ අවධානයට යොමු කිරීමේ අවශ්‍යතාව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා පෙන්වා දුන්නේය.


කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 262කට අධික පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට මුහුණ දී සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමට නීතිමය බාධාවක් නොමැති බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ප්‍රකාශ කර ඇත.

අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ වැඩිදුරටත් කියා සිටියේ මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දෙන ලෙස අවස්ථා කිහිපයකදීම ඔහුට දැනුම්දීම් කර තිබුණත් ඔහු විවිධ අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් දිගින් දිගටම එම ප්‍රකාශ ලබාදීම මඟහරිමින් සිටින බවයි.

රාජිත සේනාරත්න මහතා අසනීප තත්ත්වයෙන් පෙළෙන බවට සඳහන් වෛද්‍ය වාර්තාවක් නීතිඥවරයෙකු මාර්ගයෙන් අල්ලස් කොමිසම වෙත ඉදිරිපත් කර ඇති අතර එහි කිසිදු නීතිමය පිළිගැනීමක් දක්නට නොලැබෙන බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැන්වීය.

රටින් බැහැරව සිටින බවට රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර තිබෙන බවත් විවිධ අසත්‍ය කරුණු දක්වමින් කොමිසම මඟහරිමින් සිටින මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.තුයි

සැකකරු ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තා තිබේදැයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමෙන් ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු දෙමින් එම නිලධාරීන් සඳහන් කළේ එම ලේඛන අල්ලස් කොමිසමේ ගොනුවක් තුළ බහා ඇති බවයි.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමේ නිලධාරීන්ට පෙන්වා දුන්නේ සැකකරුට වරෙන්තුවක් නිකුත් කිරීමට නම් ඊට අදාළ ලේඛන අධිකරණයේ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බවයි. එවැනි වාර්තා පරීක්ෂා කිරීමකින් තොරව එවැනි නියෝගයක් නිකුත් කිරීමට නොහැකි බවත් මහෙස්ත්‍රාත්වරයා දැන්වීය.


කෙසේ වෙතත්, මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමට බලය තිබෙන බවත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නා. එම බලතල උපයෝගී කර ගනිමින් මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකියාව පවතින බව ද මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීහු මෙම ඉල්ලීම ලේඛන සහිතව ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කරන බවත් සඳහන් කළහ.
1994 අංක 20 දරණ අල්ලස් පනත ප්‍රකාරව දූෂණය නැමැති වරද යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.