we-have-no-restrictions-on-vehicle-imports-central-bank-governor

 වාහන ආනයනය සීමා කිරීම සඳහා රජය හෝ ශ්‍රී ලංකා මහ බැංකුව මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා තහවුරු කරයි. 



අද (23) දින ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

වාහන ආනයනය සීමා කිරීමට මහ බැංකුව කිසිදු අවධානයක් යොමු කර නොමැති බවත්,

දැනට විවෘත කර ඇති වෙළෙඳපොළ ඉදිරියටත් එලෙසම පවතිනු ඇති බවත්  මෙහිදී අවධාරණය කළේය. රජය පාර්ශ්වයෙන් ද එවැනි අදහසක් නොමැති බවත්, අදාළ අමාත්‍යවරයා විසින් ද එම ප්‍රතිපත්තියේ වෙනසක් සිදු නොකරන බවට ප්‍රකාශයක් කර ඇති බවත් ඔහු සිහිපත් කළේය.

කෙසේ වෙතත්, දැනට ගෙන ඇති ඇතැම් පියවර ආනයන සීමා කිරීමක් නොව, මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය සුරක්ෂිත කිරීම ඉලක්ක කරගත් 'සාර්ව විචක්ෂණශීලී' (Macroprudential) ගැලපීමක් බව ඔහු පැහැදිලි කළේය. ණය ලබාගන්නා පුද්ගලයාගේ ආපසු ගෙවීමේ හැකියාව සහ ඊට අදාළ අවදානම කළමනාකරණය කිරීම මෙම පියවරයන්හි අරමුණ බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.