mysterious-murder-in-nawalapitiya-due-to-extramarital-affair

නාවලපිටිය, ඉඹුල්පිටිය වතුයායේ පිහිටි අතහැර දැමූ බංගලාවකදී තිදරු මවකගේ ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු ගම්පොළ පොලිසියට භාර වී තිබේ. ඊයේ (22) පස්වරුවේ ඔහු මෙසේ පොලිසියට භාර වීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා නාවලපිටිය පොලිසිය වෙත යොමු කර ඇත. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඉඹුල්පිටිය වතුයායේම පදිංචිව සිටි 39 හැවිරිදි යෝගමලර් නැමැත්තියයි. 



පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇති තොරතුරුවලට අනුව, ඝාතනයට ලක් වූ කාන්තාව සහ සැකකරු ගම්පොළ, පුස්සැල්ලාව

ප්‍රදේශයේ මාස නවයක පමණ කාලයක් එකට ජීවත් වී ඇත. ඇය සිය නීත්‍යානුකූල සැමියාගේ නිවසට නැවත පැමිණ ඇත්තේ පසුගිය 22 වන දින වන අතර, ඉන් පසුවද සැකකරු සමඟ දුරකථනයෙන් සබඳතා පවත්වා තිබේ.

ඇය ගෘහ සේවිකාවක් ලෙස විදෙස් ගතවීමට සූදානම් වීම මෙම ඝාතනයට මුල් වූ බවට සැක කෙරෙන අතර, සැකකරු ඊට දැඩි ලෙස විරුද්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

සිද්ධිය වූ දිනයේ ඇය සිය වැඩිමහල් පුත්‍රයා සමඟ ග්‍රාම සේවක සහතිකයක් ලබාගැනීම සඳහා ග්‍රාම නිලධාරී කාර්යාලය වෙත ගොස් තිබේ. එම අවස්ථාවේදී සැකකරු විසින් ඇයට දුරකථන ඇමතුමක් ලබා දී ඉඹුල්පිටිය වතුයායේ පිහිටි අතහැර දැමූ බංගලාව වෙත පැමිණෙන ලෙස දන්වා ඇත. එම දැනුම් දීමට අනුව ඇය අදාළ ස්ථානයට ගිය අවස්ථාවේදී, සැකකරු විසින් තියුණු ආයුධයකින් ඇගේ ගෙල කපා ඝාතනය කර ඇති බවට පොලිසිය සැක පළ කරයි.

gossiplanka image 1
gossiplanka image 2


gossiplanka image 3
gossiplanka image 4


gossiplanka image 5
gossiplanka image 6