
හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් ඕෂද මීගාර මහච්චි මහතා ඊයේ (28) විවෘත වරෙන්තුවක් නිකුත් කළේය.
කෙසේ වෙතත්, මෙම වරෙන්තු නියෝගය නිකුත් කිරීමට පැය කිහිපයකට පෙර, එනම් ඊයේ උදෑසන 7.30ට පමණ නාමල් රාජපක්ෂ මහතා මාලදිවයින බලා කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගොස් ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග තහවුරු කරයි.
2017 වසරේදී හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපොළ පෞද්ගලීකරණයට එරෙහිව පැවති විරෝධතාවක් සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි. ඊයේ දිනයේ නඩුව කැඳවූ අවස්ථාවේදී ඔහු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙසේ වරෙන්තු නිකුත් කෙරිණි. නඩුව 2026 වසරේදී නැවත කැඳවීමටද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
විශේෂත්වය වනුයේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ දූත පිරිස මාලදිවයිනේ තෙදින නිල සංචාරයක් සඳහා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 101 දරන ගුවන් යානයෙන්ම නාමල් රාජපක්ෂ මහතාද මාලේ නුවර බලා පිටත්ව යෑමය.නියමිත නඩු විභාගයකට පෙනී නොසිටීම හේතුවෙන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කළ පාර්ලිමේන්තු මන්ත්‍ර්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (29) කටුනායක ගුවන්තොටුපළින් දිවයිනව පැමිනි බවද පසුව වාර්තා විය.
අද ඔහු ශ්‍රී ලංකාවට ආපසු පැමිණි පසු මෝසමක් ඉදිරිපත් කර අධිකරණයේ පෙනීසිටීමට ඉඩ ඇතැයි ද වාර්තා වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval