ගුවන් සේවිකාවක බව කියන කාන්තාවක්, 2010-2015 කාලසීමාවේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති සම්බන්ධීකාරකවරියක ලෙස සේවයේ යොදවා, වැටුපට අමතරව රුපියල් මිලියන 2.3කට අධික ඉන්ධන සහ ප්‍රවාහන දීමනාවක් ගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ මෙම විමර්ශනය ක්‍රියාත්මකයි. රාජ්‍ය චක්‍රලේඛ විධිවිධාන උල්ලංඝනය කරමින් මෙම කාන්තාවට ඉන්ධන දීමනාව ලෙස රුපියල් 1,044,460ක් සහ ප්‍රවාහන දීමනාව ලෙස රුපියල් 1,350,000ක් ගෙවා ඇති බවට චෝදනා එල්ල වී ඇත.
මෙවැනි දීමනා හිමිවන්නේ දීප ව්‍යාප්ත සේවාවල ඉහළ ශ්‍රේණිවල මාණ්ඩලික නිලධාරීන්ට හෝ නිශ්චිත චක්‍රලේඛ මගින් ආවරණය වන නිලධාරීන්ට පමණක් වන අතර, ගුවන් සේවිකාවක හෝ ව්‍යාපෘති සම්බන්ධීකාරක තනතුරක් ඒ සඳහා සුදුසුකම් නොලබන බව වාර්තා වේ.
මෙම අක්‍රමික දීමනා අනුමත කළ නිලධාරීන් පිළිබඳ තොරතුරු, 2015 වසරේදී සිදුවූ ආණ්ඩු පෙරළියට ප්‍රථමයෙන් අතුරුදන්ව ඇති බවද ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval