gossiplanka image 1

නාරම්මල - ගිරිඋල්ල මාර්ගයේ ඊයේ (19) දහවල් සිදුවූ දරුණු රිය අනතුරකින් කුඩා බිළිඳියන් දෙදෙනෙකු සහ මෝටර් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔවුන් ගමන් ගත් ටාටා නැනෝ වර්ගයේ කුඩා මෝටර් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ දකුණු පසට ධාවනය වී, ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි රෝසා වර්ගයේ බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.



මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 38ක් වූ රියදුරා සහ මාස 09ක් සහ 11ක් වයසැති දැරියන් දෙදෙනෙකි. මියගිය සියලු දෙනා මහව, දිවුල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව නාරම්මල පොලීසිය සඳහන් කරයි.



අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ ගමන් ගත් තවත් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා දඹදෙණිය සහ නාරම්මල රෝහල් වෙත ඇතුළත් කර තිබේ. එමෙන්ම, බස් රථයේ රියදුරු, කොන්දොස්තරවරයා සහ එක් මගියෙකු ද තුවාල ලබා දඹදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
කුඩා ප්‍රමාණයේ කාර් රථයේ ආරක්ෂිත විශේෂාංග මද කම මත අනතුරින් මියගිය ගණන වැඩිව ඇතැයි පරීක්ෂණ වලදී කථාබහට ලක්විය.
සිද්ධිය සම්බන්ධයෙන් නාරම්මල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

gossiplanka image 2


gossiplanka image 3
gossiplanka image 4


gossiplanka image 5