පාස්කු ප්‍රහාරයට අදාළව සිදුකරන ලද රාජකාරී පැහැර හැරීම් සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව කරනු ලැබූ විනය පරීක්ෂණයටෙ අදාළව වරදකරු බවට පත්ව ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පොලිස් සේවයෙන් පහ කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබේ.
නිකුත් කළ නිවේදනයේ මෙසේ දැක්වේ.
මාධ්‍ය නිවේදනය
පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විනයානුකුලව කටයුතු කිරීම ජෙයෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (අනිවාර්ය නිවාඩු ගන්වන ලද) - නිලන්ත ජයවර්ධන මහතා
ජෙයෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (අනිවාර්ය නිවාඩු ගන්වන ලද) නිලන්ත ජයවර්ධන මහතා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා පොලිසියේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ වශයෙන් සේවය කරමින් සිටයදී, 2019.04.21. දින පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්භන්ධයෙන් නිලධාරියා විසින් සිදු කල රාජකාරි පැහැර හැරීමට අදාලව 2023.10.26 දින රැස්ව වූ ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණය පරිදි නිලධාරියා වෙත අංක NPC/EST/DISC/ASP/1/2023 0 2023.11.17
උක්ත චෝදනා පත්‍රයට අදාලව නිලධරියා විසින් 2024.0312 වන දින යොමු කරන ලද ලිපියෙහි අන්තර්ගතකරුණු සලකා බලන ලද 2024.03.21 දින රැස් වූ ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් විධිමත් විනය පරීක්ෂණයක් සිදු කිරීමට තීරණය කරන ලදුව, එසේ සිදු කරන ලද විධිමත් විනය පරීක්ෂණයේ ත්‍රී පුද්ගල විනිශ්චය සභාව විසින් 2025.07.04 දින ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත යොමු කරන ලද විධිමත් විනය පරීක්ෂණ වාර්තාව, එම වාර්තාව සමඟ යොමුකර තිබූ පැමිණිල්ල මෙහෙය වීමේ නිලධාරිගේ වාර්තාව, රැකවරණ නිලධාරිගේ වාර්තාව සහ අදාල සියලු ලේඛන ගැඹුරින් අධ්‍යනය කරන ලද ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පහත දැක්වෙන කරුණු නිරීක්ෂණය කරන ලදී.
1. විධිමත් විනය පරීක්ෂණ වාර්තාව අනුව චෝදනා පත්‍රයේ සඳහන් සියලු චෝදනා සඳහා ජෙයෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (අනිවාර්ය නිවාඩු ගන්වන ලද), නිලන්ත ජයවර්ධන මහතා වරදකරු බවත්,
2. ඉහත චෝදනා ආයතන සංග්‍රහයේ ii වන කාණ්ඩයේ සඳහන් රාජ්‍ය නිලධරයන් විසින් සිදු කල හැකි වරදවල් සම්භන්ධව පළමුවන උපලේඛනය යටතට ගැනෙන වැරදි බවත්,
යන කරුණු සැලකිල්ලට ගෙන නිලධාරියා චෝදනා පත්‍රයේ සදහන් සියලු චෝදනාවන් සදහා වැරදිකරු බව 2025.07.17 වන දින රැස් වූ ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් තීරණය කරන ලදී.
ඒ අනුව, ඔහු විසින් කරන ලද වරදේ තීව්‍ර තාවය සැලකිල්ලට ගෙන ආයතන සංග්‍රහයේ ii ඛාණ්ඩයේ XLVIII වන පරිච්ජේදයේ 24:3:1 වගන්තිය පරිදි ජෙයෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහ කිරීමට 2025.07.17 දින පැවති ජාතික පොලිස් කොමිෂන් සභා සැසිවාරයේදී තීරණය කරන ලදී.
Comments
Post a Comment
Your comment will be visible after approval