තිලිනි ප්‍රියමාලි නමැති කාන්තාවකට අදාළ නඩුවක සිතාසි භාරදීමට යාමේදී එය ප්‍රතික්සේප කරමින් එම භාරදුන් පුද්ගලයාගේ සිතාසියේ පිටුපස යමක් ලියා එය පුද්ගලයාට දමාගසමින් ඉංග්‍රීසි හා සිංහල බසින් බැණවැදී අධිකරණ ක්‍රියාමාර්ගයක් හෑල්ලුවට ලක්කිරීම හා රාජකාරී නිලධාරියෙකුගේ සේවයට බාධා කිරීමේ සිදුවීමක් ගැන පසුගියදා වාර්තා විය.
මෙම සිදුවීමට අදාළ කට උත්තර දීමට පොලිසියට යන ලෙස තිලිනි ප්‍රියමාලිට අධිකරණ නියෝගයක් පසුගිය සතියේ නිකුත් කළද ඇය මේවනතුරු පොලිසියට පැමිණ නැතැයිද මෙම සිදුවීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට පොලිසියට උනන්දුවක් නැතැයිද සමස්ත ලංකා සිතාසි ක්‍රියාත්මක සංගමයේ හිටපු සභාපතිවරයා පසුගිය 18 වනදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පවසා තිබුණි.
හෝමාගම අධිකරණයේ විභාග වන නඩුවකට අයුතු ලෙස බලපෑම් කිරීම සහ අසත්‍ය තොරතුරු ප්‍රසිද්ධ කිරීම යන චෝදනා මත, අධිකරණ නිලධාරියෙකුට එරෙහිව කෝටිපති ව්‍යාපාරික කාන්තාවක වන තිළිණි ප්‍රියමාලි විසින් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. සිය නීතිඥවරුන් මාර්ගයෙන් යොමු කර ඇති මෙම පැමිණිල්ල මගින් අදාළ නිලධාරියාගේ ක්‍රියාකලාපය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් ඉල්ලා තිබේ.
නීතිඥ උඳුල් ප්‍රේමරත්න මහතාගේ අත්සනින් යුතුව යොමු කළ පැමිණිල්ලේ දැක්වෙන්නේ, සමස්ත ලංකා සිතාසි සහ ඇස්කිසි ක්‍රියාත්මක කරන්නන්ගේ සංගමයේ හිටපු සභාපති ආර්. සුදත් පාලිත නමැති අධිකරණ නිලධාරියා විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් මගින්, තම සේවාදායිකාවට ඇප ලබාගැනීමට බාධා වන අයුරින් කෘත්‍රිමව මහජන කැලඹීමක් නිර්මාණය කිරීමට උත්සාහ දරා ඇති බවයි. තවද, මෙම අසත්‍ය ප්‍රකාශ හේතුවෙන් තම සේවාදායිකාවට සිදුවූ අපකීර්තියට රුපියල් මිලියන දහයක වන්දියක් ඉල්ලා සිවිල් නඩුවක් ගොනු කරන බවද නීතිඥවරයා ප්‍රකාශ කළේය.
මෙම ගැටලුවට මුල්වී ඇත්තේ, මෑතකදී හෝමාගම අධිකරණ සංකීර්ණයේදී වෙනත් නඩුවක් සඳහා පැමිණි තිළිණි ප්‍රියමාලි වෙත සිතාසියක් භාර දීමට යාමේදී පිස්කල්වරයෙකුට සිදුවූ බව කියන සිදුවීමකි. එම සිදුවීම සම්බන්ධයෙන් අදාළ නිලධාරියා පොලිසියට කළ පැමිණිල්ලකට අනුව අධිකරණයට කරුණු වාර්තා කර ඇතත්, එම නඩුවේ සැකකාරියක ලෙස තිළිණි ප්‍රියමාලි මෙතෙක් නම් කර නොමැති බව ඇගේ නීතිඥවරයා අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරියට දැනුම් දී තිබේ.
එසේ තිබියදී, අදාළ නඩුවට අදාළ බී වාර්තාවේ පිටපතක් මාධ්‍ය හමුවේ ප්‍රදර්ශනය කරමින් කරුණු දැක්වූ හිටපු සංගම් සභාපතිවරයා, එම බී වාර්තාවේ දක්වා ඇති චෝදනා ප්‍රමාණවත් නොවන බවට ප්‍රකාශ කිරීම අධිකරණයට සෘජුව බලපෑම් කිරීමක් බවට නීතිඥ උඳුල් ප්‍රේමරත්න සිය පැමිණිල්ල මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval