කහවත්තේදී තරුණයෙකු පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන කුලී ඝාතකයෙකු, පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ (21) කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට සමත් විය. යුද හමුදාවේ වසර දහඅටක් සේවය කර ඉවත් වූ මෙම පුද්ගලයා, තවත් අපරාධ රැසකට සම්බන්ධ බවටද තොරතුරු හෙළිවී තිබේ.
ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු අනාවරණය කර ඇත්තේ,
ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘හෝමාගම හඳයා‘ විසින් ලබාදුන් රුපියල් ලක්ෂ 12ක කොන්ත්‍රාත්තුවක් මත තමන් මෙම ඝාතනය සිදුකළ බවයි. කෙසේ වෙතත්, පොරොන්දු වූ එම මුදල ‘හඳයා‘ විසින් තමන්ට ලබා නොදුන් බවටද සැකකරු පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කර ඇත.
පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මෙම ඝාතනය සිදුකර ඇති අතර, තරුණයා පැහැරගෙන ගොස්, මාංචු දමා දණගැස්වීමෙන් අනතුරුව හිසට වෙඩි තබා තිබිණි. ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ‘හෝමාගම හඳයා‘ සහ ‘අමිත්‘ නැමැති පාතාල සාමාජිකයන් දෙදෙනා විසින් මෙම ඝාතනය සැලසුම් කර ඇති බවට විමර්ශනවලදී හෙළි වී තිබූ අතර,
සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙරද සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.
පෑලියගොඩ අපරාධ කොට්ඨාසය විසින් ලබාදුන් තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකාය මෙම වැටලීම සිදුකර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෑලියගොඩ අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇති අතර, එහි අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ මූලිකත්වයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval