gossiplanka image 1

මහ වාද්දුව ප්‍රදේශයේ පිහිටි ආදාහනාගාරයේ චිමිනියේ වහලය ගැලවී යාම හේතුවෙන්, දේහයන් ආදාහනය කිරීමේදී නිකුත් වන දුමාරය සහ අළු අවට නිවාස වෙත විසිරී යාමේ ගැටලුවක් පැන නැගී ඇති බවට පානදුර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු චෝදනා කරයි.



පසුගිය 13 වන දා පැවති මාසික සභා රැස්වීම අමතමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන චමින්ද පෙරේරා මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය. ආදාහනාගාරයේ චිමිනිය අවට පිහිටි දෙමහල් නිවාසවලට වඩා පහතින් පිහිටා තිබීම මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වීමට හේතුවී ඇති බවත්,

ඒ සඳහා කඩිනම් විසඳුමක් අවශ්‍ය බවත් ඔහු එහිදී අවධාරණය කළේය.

මෑත දිනවල පැවති දැඩි සුළං තත්ත්වයක් මෙම හානියට හේතු වී ඇති බවත්, ඒ නිසා ආදාහනාගාරයේ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවත් ප්‍රාදේශීය ලේකම් නුවන් ප්‍රනාන්දු මහතා පවසා තිබේ.

මේ පිළිබඳව කළ විමසීමකදී පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපති ධර්මසිරි පෙරේරා මහතා සඳහන් කළේ, මෙම ගැටලුව සම්බන්ධයෙන් සභාව දැනුවත්ව සිටින බවත්, අවශ්‍ය අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවත්ය.