newborn-baby-abandoned-by-mother-in-the-field

 කුරුණෑගල, මාවතගම, පරගහදෙණිය සිංහපුරපාර ප්‍රදේශයේ පිහිටි කුඹුරු යායක අමානුෂික ලෙස අතහැර දමා ගොස් සිටි අලුත උපන් බිළිඳෙකු සොයාගෙන තිබේ.



අද දින උදෑසන එම වෙල් යාය හරහා ගමන් කරමින් සිටි ප්‍රදේශවාසියෙකුගේ නෙතට මෙම බිළිඳා හසුවී ඇති අතර, ඔහු විසින් ඒ පිළිබඳව මාවතගම පොලීසිය වෙත වහාම දැනුම් දී ඇත.



ලැබුණු තොරතුරට අනුව කඩිනමින් එම ස්ථානයට ළඟා වූ පොලිස් නිලධාරීන් විසින් බිළිඳාගේ දිවි ගලවා ගැනීමේ අරමුණින් මාවතගම ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගන්නා ලදී.

එහිදී බිළිඳා වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර ඇති අතර, දරුවා උපත ලබා දිනක් හෝ දෙකක් වැනි කෙටි කාලයක් ගතවී ඇති බවට වෛද්‍යවරුන් විසින් අනුමාන කර තිබේ.

මූලික ප්‍රතිකාර ලබා දීමෙන් පසුව, බිළිඳාට අවශ්‍ය වැඩිදුර විශේෂඥ ප්‍රතිකාර ලබා දීම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ නොමේරු ළදරු ඒකකය වෙත මාරු කර යැවීමට මාවතගම රෝහල් බලධාරීන් කටයුතු යොදා තිබිණි.



gossiplanka image 2