the-rila-issue-ends-in-death

 සුරතලයට ඇති කළ රිළවකු විසින් අසල්වැසි නිවසක දැරියක සපා කෑමේ සිද්ධියක් මුල් කරගෙන හටගත් ආරවුලක් දුරදිග යාමෙන් සිදු වූ පිහි ඇනුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට යටවත්ත පොලිසිය වාර්තා කරයි.



මෙලෙස මරණයට පත්ව ඇත්තේ මාතලේ,

යටවත්ත, තුත්තිරිපිටිය, දූල්ලෑව ලිපිනයේ පදිංචිව සිටි 55 හැවිරිදි සරත් වීරසිංහ නැමැති පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයාගේ දියණියට, අසල්වැසි නිවසේ සුරතලයට ඇති කරන ලද රිළවකු සපා කෑමෙන් පසුව, දෙදෙනා අතර මෙම ආරවුල හටගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙම ආරවුල අතරතුර රිළවාගේ හිමිකරු විසින් පිහියකින් ඇන මෙම ඝාතනය සිදුකර ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පුද්ගලයා මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, යටවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.