the-elephant-bhathiya-dies

පසුගිය දින කිහිපය තිස්සේ අසාධ්‍ය තත්ත්වයෙන් පොල්පිතිගම ප්‍රදේශයේ වතුර වළක වැටී සිටි ‘භාතිය’ හස්තියා අද උදෑසන මරණයට පත්වූ බව වාර්තා විය.


උගේ බෙල්ලේ සිරවී ඇති වෙඩි උණ්ඩයක් හේතුවෙන් එම ස්නායු පද්ධතියට හානි වී තිබුණ අතර මෙතරම් කලක් එම සත්ත්වයා වැතිර සිටි ඉරියව්ව මාරු කොට අනෙක් පස හැරවීමට ඊයේ (14දා) දිනයේදී කටයුතු කර තිබූ නමුත් පශු වෛද්‍යවරුන් පැවසුවේ ඉරියව් මාරු කිරීමෙන් අනතුරුව සත්ත්වයා නිරීක්ෂණය කිරීමේදී බලාපොරොත්තු වූවාට වඩා දරුණු තුවාල කිහිපයක් දක්නට ලැබුණු බවය.



“සතාව අනිත් පැත්ත හැරෙව්වා. එච්චර හොඳක් නැහැ. ඒ පැත්තේ තුවාල ගොඩක් තියනවා. මම හිතුවට වැඩිය තුවාල තියෙනවා. ගැඹුරු තුවාල කිහිපයක්ම තියෙනවා. බෙල්ලේ වෙඩි පහරක් තිබ්බට මම ඒක එච්චර දරුණු තුවාලයක් කියලා හිතුවේ නැහැ. ඒත් මේ වෙඩි පහර හින්දා කර්ණෂංකයට හානි වෙලා ඇති කියලා මම හිතනවා. එහෙම වුණාම සතාට කෙළින් හිටගෙන ඉන්නවත් ඇවිදින්නවත් බැහැ. ප්‍රශ්න ගොඩයි. සතා යට වෙලා හිටිය පැත්තේ තමා මේ ඔක්කොම තිබුණේ” යැයි පේදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ ප්‍රධානි මහාචාර්ය අශෝක දංගොල්ල ඊයේ පැවැසීය.


සත්වයා නිසැකයෙන්ම සුව වනු ඇති බවට බොරු බලාපොරොත්තු දීමට තමා අකැමැති බවද ජීවිතය අවදානම් මට්ටමේ පවතින බවද මහාචාර්ය වරයා පවසා තිබුණි.
අද උදෑසන භාතිය හස්තියා මියගිය පුවත වාර්තා විය.



gossiplanka image 1